Wednesday, May 7, 2014

මැවිසුරු අදෝනාව

වටුවාගෙ හිතට බොක්කෙන්ම පහල උන කවි සිතුවිල්ලක් අකනිටාවට අත අරින්නයි මේ සූදානම...



ඇණ කටු මුරිච්චිද ඊයම් හතර______කොනේ
ඩයෝඩ වයර් ධාරිත්‍රක හඬනු_______පෙනේ
නිව්ටන් අයින්ස්ටයින් ඇවිත් දීපු_____හෙනේ
නොදනිමි කිම්ද මම කරගත් මටම___විනේ

මකුණන් පිරුණු මෙට්ටයේ වක_____ගසාගන
හිඳගත් වනම කඳුලින් උඩ_________බලාගන
නැති හැටි ආව සුර ලොව මා_______පතාගන
මොනවා කරන්නද දැන් දිව________විකාගන

කොතරම් කලත් කොර්ස් වර්ක් නැත__නිම්මා
ඊයෙත් එකක් ගොස් පෙට්ටියකට_____දැම්මා
සිහිවන වන විටදී ඇති දැඩි කල මගේ__අම්මා
හිත් වෙයි දුවන් එන්නට මට එක_____පිම්මා

යාලුවෝ කරපු හින්ද මමත් මැත්ස්____කෙරුවා
උන් ටික ෆේල් උනාට ලෝකෙම_____දිනුවා
මිතුරෙක් වඩන් උකුලේ සිය පොඩි____දරුවා
උදයේම අදත් යන විට මට අත______වැනුවා