Wednesday, July 16, 2014

සරසවිය, කුණුහරප සහ සමාජ සභ්‍යත්වය සරසවි සාහිත්‍යය ඇසුරින්

වත්මන් සරසවි තුල තවමත් නොනැසී පවතින සමහරක් දෑ අතුරින් 'සරසවි සාහිත්‍ය' විශේෂ තැනක් ගනී. සැබැවින්ම මේ වනාහි කවර නම් සාහිත්‍යක්ද? සාහිත්‍යය පිළිබඳ ඒ තරම් තතු කීමට තරම් ප්‍රාඥයෙක් නොවෙමි, මම. එහෙත් සරසවි සාහිත්‍යයේ පරතරේටම ගිලා බැස කිඳා බැස, එහි රස නොරස හොඳින් වටහාගෙන ඇත්තෙක් වම් යැයි මම සිතමි. සරසවිය සමාජයට වදකාගාරයක් මෙන් දිස් වන බව සැබෑය. එහෙත් මම සමාජය හෝ සරසවි සිසුවා සුද්ද කිරීමේ කාර්යයට අත නො පාමි. මන්ද යත්, මාද සරසවි සිසුවෙක් වන මැයිනි. සහ, මෙහි මාගෙ උත්සාහය සරසවි සාහිත්‍යය විවරණයකට අත පෑමට නිසාවෙන්ය. සරසවි සිසුවා හා සමාජය ගැන පසුවට තබමු. එමෙන්ම, මෙය කියවන දනෝ, කරුණාවෙන් වටහා ගත යුතු කරුණ නම්, මෙය නවක වදය නම් වචනය හා නොගාව ගත යුතුම බවයි.

සරසවි සාහිත්‍යය විවරණය පහසු කටයුත්තක් නොවේ. වෑත්තෑවෙ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍ය තරම්ම වචනයෙන් වචනය උකහා දක්වමින් සවිස්තර කිරිමට තරම් සරසවි සාහිත්‍ය තුල ගැඹුරක්, අර්ථයක් මම දකිමි. ඒ දැක්මෙහි වැරදි අඩු පාඩු දොස් පරොස් වෙත් නම්, නිහතමානීව ඒ බාරගන්නෙමි. වැරදි දකින්නෝ පවසත්වා.

මේ පිළිබඳව පිළිසඳරට පලමුව වටහාගත යුතු වැදගත් වචනයක් වෙයි. ඒ 'කුණුහරපය' යන්නයි. ඊට  සෘජුවම අර්ථ දැක්වීමක් දීම අපහසු වුවත්, ඕනෑම වාග් මාලාවක මෙම 'කුණුහරප' යැයි සමාජය විසින්ම සම්මත කරන ලද නමුත්, සමාජයේ භාවිතයට අසම්මත වාග් මාලාවක් ඇතුලත් වෙයි. සිංහල භාශාවේ එදිනෙදා ව්‍යවහාරයේ (සාමන්‍ය සමාජයේ වුවද මේවා එදිනෙදා යොදාගැනේ. පොලවේ පය ගසා සිටින්නෙකු මේ පිලිගත්තද, එසේ නොපිලිගන්නවුන්ද සිටිය හැක. ඔවුන් මෙය කියවීමෙන් වැලකී සිටීම මැනවි.) යොදා ගැනෙන මුලු කුණුහරප සංඛ්‍යාව ආසන්න වශයෙන් 10ක් පමණ වෙයි. (සමහර විට සිතු සැනින්ම විස්වාස කිරීම අපහසුය. නමුත් සෑබෑව මෙයයි.) ඒ එකිනෙකක් එකිනෙක සමග සන්යෝජනය වීමෙන් තවත් වචන 20ක් පමන ඒ ඒ භාවිතා කරන්නාට අනුරූප වශයෙන් යොදාගත හැකිය.

කුණුහරප අසභ්‍යය වුවත්, අසම්මත වුවත්, ඒවට මුල් වී ඇත්තේ සමාජය විසින් බහුලවම භාවිතා කරන බහුලවම සිතන ක්‍රියාදාමයන් කිහිපයකි. ඒවා ප්‍රසිද්දියේ කිරීම හෝ ඒ පිලිබඳව ප්‍රසිද්දියේ සමාජය ඉදිරියේ කතා කිරීම අසභ්‍යත්වය ලෙසත්, ඒ කුණුහරප වලටම වෙනත් වචන යොදා ඒවා සභ්‍යය යැයි කියා ඒ යොදා ගත් වචන අනුසාරයෙන් කතා කිරීම සභ්‍යත්වය ලෙසත් සමාජය විසින්ම යොදා ගෙන තිබීම විහිලුවක් බවයි මගෙ හැඟීම.

ඒ කෙසේ වෙතත්, සරසවි සාහිත්‍යයට මූලික වශයෙන් පදනම් වනුයේ යතෝක්ත 'කුණුහරප' යි. සභ්‍යත්වයෙන් සුසැදි කුණුහරප නොව, එදිනෙදා භාවිතා වන, ඇත්ත ඇති සැටියෙන් ඇති වදන්මය.

අද වන විට සුදු හුනු ආලේපිත වුවත් එම හුනු තට්ටුවට යටින් රැඳී ඇත්තේ එදා නේවාසිකාගාර බිත්ති අතර සිර වුනු විශ්වවිද්‍යාල සිසුවන්ගේ සිරවුනු සිතුවිලිය. ඒ කුරුටු ගී වල ගැබ්ව ඇත්තෙ ඔවුන්ගේ සිතුවිලිය. ආදරය, මව් සෙනෙහස, පිය සෙනෙහස, විරහව, අධ්‍යාපනික පීඩනය, රාගය, ශෘංගාරය, වෛරය, මිත්‍රත්වය, එකී මෙකී නොකී අනේකවිද මාතෘකාවන් කරණකොට ගනිමින් ඒ කවු ඔපවත් වී ඇත්තේය.සරසවි සාහිත්‍යය හා එම කුරුටු ගී දෙවර්ගයකි. කුරුටු ගී වලට වඩා සරසවි සාහිත්‍යය පැවතෙනුයේ මුඛ පරම්පරා ගතවයි.

සරසවි සාහිත්‍ය යන්නෙහි 'සාහිත්‍ය' යන වචනය හුදෙක් විදහා දක්වන තරම් සාහිත්‍යය විෂය පරාසයක් යොදා නොගැනේ. මෙහිදී වස්තු විෂය වන්නේ කාව්‍ය සාහිත්‍යය පමණි. කාව්‍යකරණය දෙ ආකාර වෙයි. සඳැස් හා නිසඳැස් යනුවෙනි. එළිවැටකට අනුව නිර්මිත කාව්‍යයන් සඳැස් ලෙසද, එසේ නොවන කාව්‍යයන් නිසඳැස් ලෙසද සරලව විග්‍රහ කෙරෙයි.

සරසවි සාහිත්‍යයේ මා දකින විශේෂත්වය නම්, ඒ කවි සියල්ලම පාහේ මනා කොට එලිසමයකින් යුතුව ගලපා තිබීමයි. පවතින ගීතයක පද මාරුවක් කොටගෙන ඇති පැදි කිහිපයක් හැරුනුකොට අනෙක්වා ඒ ගුණාංගය මනාව සපුරයි. කවි බොහොමයක් මුඛ පරම්පරාගතව මේ වනතෙක් නොනැසී පැමිනිම උදෙසා වැදගත් වන තවත් කරුණක් වෙයි. ඒ කවියේ තනුවයි. ජන කවි වල තාල වලට අමතරව, විරිඳු, කවි බණ, වාද බයිලා වැනි හිත ස්පර්ශ වන තාලයකින්ද මෙම කවි සමන්විත වෙයි.

මේ කියවන ඔබ සරසවි සිසුවෙක් හෝ සරසවි අධ්‍යාපනයක් ලැබුවෙක් නොවන්නේ නම් සරසවි සාහිත්‍යයක් යනු කවරක්ද යන කුකුස හද තුල නිතැතින්ම ජනිත වන්නේය. උපහැරණයක් ගෙන නො පෑවහොත් කියවන ඔබට කෙරෙන අසාදාරණයකි. එ මුත්, මේවා වැඩිහිටියන්ට පමණක් බව තරයේ සිහි තබා ගත යුතුය. (ප.ලි. සරසවි සිසුවකු වනාහි, වයස 19ට වැඩි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ස්වෛරී ජනරජයේ පවතින නෛතික මාලාවන්ට අනුකූලව විවාහ වීමට හා පිය භාවය හෝ මාතෘ භාවය ලැබීමට ස්වභාවධර්මයා විසින් කරනු ලබන පරිත්‍යාගයන් පිළිබඳවද මනා කොට අවබෝධයක් ඇති 'මනුස්ස' කොට්ඨාශයක් බව තරයේ සිහි තබා ගැනිම මැනවි. ඒ විනා ඔවුහු අත දරුවන් නොවෙත්.)

කවියකින් ප්‍රහසනය උපැදවීම පහසු නොවේ. නමුත්, සරසවි සිසුවා එය කරවන අපූරුව.

"නිරිඳු පැරකුම්බා
දේවියගෙ පුක ඉම්බා
දේවි පුක පුම්බා
අරී පඩයක් රජු කලම්බා"

පුක සහ පඩයක් යන වචන සමාජයේ එතරම් අසම්මත ගනයට නොවැටෙන අතර ඒවා පෙර ම විසින් සඳහන් කරන ලද කුණුහරප 10ටද ඇතුලත් නොවේ. එදිනේදා ව්‍යවහාරයේ යෙදෙන වදන් නමුත් මේවා කාව්‍යාත්මකව ප්‍රකාශ කිරීමේදී කාව්‍යට හුදෙක් ප්‍රහසනය පමණක් ඇතුලු නොකොට ඒ තුලින් යම් සිද්දි දාමයක්ද කියැවීමට සරසවි සිසුවා උත්සුක වී ඇත්තේය. එනම් කවියේ අඩංගු වන්නෙ හුදෙක් වචන පමණක් නොවේ. එතුලින් කියැවෙන යම් සිදුවීමක්ද වෙයි. සිදුවීමෙහි ඇති වැදගත් කම නොසලකා හරිමු. නමුත් කුමක් හෝ සරල සිදුවීමක් කවියට ඇතුලු කිරිම කවුරු හෝ මෙහි නිර්මාපකයාගේ හැකියාවකි.

"වැටට වැට කෙයියයි
හීනියි දිගයි හයියයි"

මේ තවත් කවියක මුල් පැදි පේලි දෙකයි. ඉන් ඔබ්බට ලිවිම මම අතපසු කරමි. කෙසේ හෝ මෙයින් කියැවෙනුයේ කවරක්ද, උපමාව සහ වචන, එළිසමයට උචිත අයුරින් ගලපා ඇති අපූරුව මනාව පසක් වෙයි.

"දවසක් දා මම යනකොට ගාල්ලට
රුවැති ළඳක් ආවයි මා ඉදිරියට"

"රන් තැඹිලි වාගේ
පියයුරු යුවල ඈගේ..."

මේ වනාහි සාහිත්‍යයේ එන කවි වලින් අල්පයක් පමණි. මෙම සාහිත්‍යයේ වටිනාකම රඳා පවතිනුයේ ඒවා ඉපැරණි සිසුවන් අතින් ලියැවුනු නිසාය. කුණුහරපයක් වුවද, එහි භාවිතයේ චේතනාව කිසිවකුට හානි කිරීම නොවේ. මානසික අසහනයක්ද නොවේ. එසේ අසහනය කාරයෝ යැයි සරසවි සිසුවාට චෝදනාකරන්නන්ගේ චෝදනා මා ඇතුලු කිසිදු සරසවි සිසුවෙක් හෝ සිසුවියක් පයේ නියපොත්තකින් ඉහලට නොගන්නවා ඇති. එසේ චෝදනා කරන්නෝ තම විරුද්ද ලිංගිකයා පිළිබඳව මෙවන් සිතක් පහල කොටගෙන නැත්තේම විය යුතුය. පාසල් කාලයේ ඇම්ඩාගේ කතා කියමින් සිනා සී ඇත්තෙකු නොවිය යුතුමය. ස්වභාවික ප්‍රජනන ක්‍රියාවලියෙන් එහාට ගියා වූ වඩා සංවර, ශීලාචාර ක්‍රමයකට එම ක්‍රියාවලියේ නිමග්න වන්නෙක්ද විය යුතුය. කිසිම හේතුවක් මත පෙර ම විසින් කුණුහරප යැයි නිර්වචනය කරන ලද වචන 30ට අදාල කිසිවක් මුවින් පිටකර නොමැත්තෙක් විය යුතුය. එසේ වෙත් නම්, ඔහුගේ හෝ ඇයගේන් එල්ල වන අප 'මානසික අසහනකාරයෝ' යන චොදනාව අපි හිස නමා බාරගන්නෙමු.

අමතරව කිව යුත්තක් වෙයි. සරසවි වාග් මාලාවේද, පෙර කී සුසංයෝගිත වචන සියල්ලම ඇතුලත් නොවේ. ඊටද යම් යම් සීමා පැනවී ඇත්තේය. පවුලේ උදවිය, මව පියා හා සබැඳි කුනුහරප සරසවි වාග් කෝෂය තුල දැකිය නොහැක්කේ, ඔවුන්, සාමාන්‍යය සමාජයට වඩා උසස් මානසික තත්ත්වයක සිටින නිසාමය. ඒ පිළිබඳව තර්ක විතර්ක අනවශ්‍යයි. මාගේ ප්‍රස්තුතය වූයේ සරසවි සාහිත්‍යය විවරණයයි. හැකි පමණ ඒ සිදු කලෙමි. එමෙන්ම, මෙහි ගුණ දොස් ද බලාපොරොත්තු වෙමි.

විවරණය පිළිබඳ අවසන් සටහන මෙසේ තබමි.

ඒ කවු කිසිවක් කිසිවකු මත රඳා නොපවත්නේය. දේශපාලනික, පරිපාලනික ගැරහීම් වලට, සරසවි සිසුවාගෙ හිතේ නැගෙන පද පේලි ඔහේ ගලපා ලියැවි අත්තේය. සීමා මායිම් වලිත් තොරය. සංස්කෘතිකමය හෝ ආගමික වශයෙන් බාදා බැමි වලින් තොරය.(නමුත් ආගමික වශයෙන් සාහිත්‍යයේ කිසිවක් දැනුවත්ව අඩංගු නොවේ ). එහෙයින්ම මෙ කවි වල ගුනාත්මක භාවයෙන් ඉහල බවක් ඇතැයි මම සිතමි. සරසවි සාහිත්‍යය තුලින් බොහෝවිට සිදුවනුයේ ප්‍රහසනය, උපහාසය වැනි කරුණු ඉස්මතු වීමයි. පිහියක් වුවද, එළවලු කැපීමට මෙන්ම, උවමනා නම් අතක් පයක් කපාගැනිමටද යොදා ගත හැකිය. ඒ අවශ්‍යතාවය මතය. කුණුහරපද එසේය. හිත රිදවා බැන වැදීමට මෙන්ම අවැසි නම් කෙනෙක් සිනාගැන්වීමටද කුණුහරප යොදාගත හැකිය. ඉදින් මේ සරසවි සාහිත්‍යය වනාහී කුණුහරපයේ සුභාවිත්යක් නොවෙද?

තවත් තතු ඉදිරියට...

11 comments:

  1. බොහෝම අපූරූ විවරණයක්. සරසවි සිසුවා මේ ගැන කතා කිරීමෙන් වැලකිලා ඉන්න කාලෙක බොහොම ධනාත්මක විදියට මේ සම්බන්ධව කතා කිරීම ගැන ඇත්තටම සතුටුයි..... ඉතුරු කොටසත් ඉක්මනින් ලියයි කියලා බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රන්දු. මොන මොන විදියේ කොමෙන්ටු වැටෙයිද කියල ලොකු විචිකිච්චාවකුත් නැතුවම නෙවේ මේ පෝස්ට් එක දැම්මේ. ඉස්සෙලාම මෙහෙම එකක් ලැබුන එක ගැන කොහොම උනත් සන්තෝසයි... නැවතත් ස්තුතියි...

      Delete
  2. විශිෂ්ටයි.. සුන්දරයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි... තිත් දෙකයි ඩී

      Delete
  3. හොද වෑඩක් අකලන්ක. දිගටම ලියන්න අපෙන් අතහිත .....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාලුවා...

      Delete