Monday, March 25, 2024

අහිමි

වතුර නැතුවම වියලි කතරක මල් පිපෙන එක පාපයක්

අමාවක රෑ පාලු අහසක තරු පිරෙන එක සාපයක්

සුසුම් හඬලන හිතක ඉකියත් එළිවැටක් නැති ගීතයක්

මිතුර ඈ හිමි නොවන බව දැන බලාහිඳුමත් ප්‍රේමයක්




Monday, March 4, 2024

ඒක හා මාන

කෑල්ලක් කැපුවොතින්

කිව හැකිද

ආදරේ මගෙ කිලෝ කීයද

පිකෝමීටර් ගානට 


විස්ථාපනය මනින්නට

බැරි තරම් කිට්ටු බව

දන්නවද නුඹ

හදවතට දුර


තප්පරෙන් බිඳක් වත්

ඉන්නකොට ළඟ

කෙල්වින් කීයකට

උණුහුමක් දැනෙනවද

කියන්නට පුලුවන්ද


කැන්ඩෙලා දහසකට

වැඩිය වැඩි එලියකට

උපත දෙනවා

නුඹේ ඇස් දෙක

හෙලන එක බැල්මක


මවුල ගානක

සුසුම් අංශුම

කොච්චරක් හෙලුවද


සරුවාංගෙම අලු දුහුලි කරනවන

ඇම්පියර් ගානක

විදුලියක් නුඹ

හිසෙන් විත් දෙපතුලෙන්

භූගතව යන