Saturday, August 19, 2023

එච්චර ආදරයක්?

වචන විද්දට

පපුවෙ මැද්දට 

අලුවෙන්න 

හිත පුච්චන!

නපුරු කමමයි 

උඹේ මූනට 

පුරවන්නෙ ඔය 

ලස්සන!

"ආදරෙයි...! ආදරෙයි...!!" 

කියලා 

කිව්වෙ නැතුවට 

තිස්සෙම;

ආදරේ නම් 

විඳලා නෑ බං 

මාත් මෙතුවක් 

ඔච්චර

ඒක හින්දම 

වෙන්න ඇති මං 

ලෝබ වෙන්නෙත් 

මෙච්චර!!!




Saturday, August 5, 2023

හිතවත

නුඹය මගෙ සඳවත

දොවන හද මල

පෙම් දියෙන් කරමින් තෙත

මුත් බොහෝ දින වල

අමාවක පමණක් ඇත

ඉතින් මම තරු ගනිමි

එකින් එක 

ඔහේ පායන නුබ මත


නුඹය මගෙ පෙම් කෙත

රන් කරල් නිල වද්දන

හදම කරමින් කම්පිත

පුරන් කරවන හිත් කෙත

නුඹම මොහොතක 

ඉඩෝරය වෙත

ඉතින් මම දිය සොයමි

කිරි වද්දන්න මගෙ හිත


එතරම්ම සොඳුරුයි

නුඹෙ හිත

රුදුරු වෙන්නේ

කොහොම එහෙමට

ඉතින් හිතවත

දන්නවද නුඹ

කියවන්න අමාරුම මට

නුඹේ ඔය හිත!