Saturday, August 5, 2023

හිතවත

නුඹය මගෙ සඳවත

දොවන හද මල

පෙම් දියෙන් කරමින් තෙත

මුත් බොහෝ දින වල

අමාවක පමණක් ඇත

ඉතින් මම තරු ගනිමි

එකින් එක 

ඔහේ පායන නුබ මත


නුඹය මගෙ පෙම් කෙත

රන් කරල් නිල වද්දන

හදම කරමින් කම්පිත

පුරන් කරවන හිත් කෙත

නුඹම මොහොතක 

ඉඩෝරය වෙත

ඉතින් මම දිය සොයමි

කිරි වද්දන්න මගෙ හිත


එතරම්ම සොඳුරුයි

නුඹෙ හිත

රුදුරු වෙන්නේ

කොහොම එහෙමට

ඉතින් හිතවත

දන්නවද නුඹ

කියවන්න අමාරුම මට

නුඹේ ඔය හිත!

2 comments:

  1. අහසින් වැටි වැහි බිඳු සේ සිසිලක් වී ඇත
    පොලොවෙන් නැගි අංකුරයක මුදුබව නැහැවෙත
    රහසින්වත් ඔය නාමෙට දොසක් කියා නැත
    කියවන්නට අපහසු නැහැ සරළයි මගෙ හිත....

    ලස්සන නිර්මාණයක්.
    ජයවේවා !!!

    ReplyDelete