රැයේ සඳ දිය පෙරා පිණි මල් කිනිති මීදුම් සාලුවේ
දොවා හංකිති කවා අත හැර දමා යන විට පාලුවේ
දවාලන මුත් සැහැසි හිරු හා මල් උනත් යළි යාලු වේ!
සඳේ ඉකිලන රහසකිය එය දන්නවද මගෙ යාලුවේ!