Wednesday, April 16, 2014

අවසානයේ වටුවා ඒ ඇරඹීය



අකනිටා වාසිහු නොකිපෙති. ඔවුහු සොළොස් සහස් කප් ආයු වළඳති. එකිනෙකාට නොදෙවෙනි ප්‍රාඥයෝ වෙති. ඔවුහු අනාගාමි වෙති. අකනිටයේ ආයු වළඳා කෙළවර, අරහත්වය නොලැබතද පිරිනිවෙති.


මා උලුප්පන අකනිටාව, යථෝක්ත අකනිටාවට වඩා බෙහෙවින් වෙසෙස් ය. මේ බ්ලොගය 'අකනිටාව' ලෙස නම් ලබන්නේ, අකනිටා වාසීහු මෙන් මෙහි යනෙන දනෝ, අනාගාමි නිසා හෝ, සොළොස් සහස් ආයු වළඳන නිසා හෝ, නොකිපෙන නිසා හෝ නොව, ප්‍රඥාව එකිනෙකාට නොදෙවෙනි කර ගැනීමට යත්න දරාවි යැයි බලාපොරොත්තුවෙනි. 

අකනිටාවේ අන්තර්ගතය ගැන කීමට මම නොදනිමි. හුදෙක් සිතුවිල්ලක් පමණක් කරණ කොට ගෙන මේ ඇරඹීමි. ඊළඟ වග ගැන බලාපොරොත්තුවෙන් එසේනම් අදට නවතිමි.

මම වටුවා.




1 comment:

  1. නියමයි......බ්ලොග් ලෝකෙට සාදරයෙන් පිළිගන්නවා. දිග ගමනක් යන්න සුභ පතනව මචං. උදව්වක් එහෙම කරන්න පැකිලෙන්නෙ නෑ. ඉල්ලපං උදව්....:)

    ReplyDelete