Saturday, May 11, 2024

මියෙමි


නුඹෙ මතක ටික මංජුසාවක බහලමි.

ඊට මල් කම් කැටයමින් හැඩ ඔපලමි.

ඒ කැටුව ආලෝක වසරක දුර යමි.

ඔහේ ගැවසෙන වල්ගා තරුවක

නිහාරික දූවිලි වලාවක මතක කොටසක් සඟවමි.

තවත් දුර මම ඉගිලෙමි.


ක්ශීරපථයට දුරක නලියන

ගැලැක්සියකට මැද්දේ කැරැකෙන

කලු කුහරයට රැගෙන ගොස් මම

ඉතුරු මතකද අත'රිමි.

මංජුසාවද එහිම රඳවමි.


මගදි හමුවන නෙබුලාවක

කොණක හිඳගෙන

මධුවිතක රස විඳිනෙමි.

දුම් වලලු'තර තනි වෙමි.

යළිත් පොළවට එළැඹෙමි.


හිත් පැසෙහි නුඹ හිටපු තැන් වල

නටඹුන්ද, බිතුසිතුවම් ද දැක

කල්පයක් තව ඉකිලමි.

ඉකිය සමගම මිය යමි.

1 comment:

  1. පරණ මතක අවුසන්න මධුවිතයි , දුම් රොටුවයි කියන්නේ දිව්‍ය අවුසදයක් නේ

    ReplyDelete