Sunday, December 5, 2021

ප්‍රේමය


ඉඳහිටක මට හිනැහෙන

ආයෙ හිතුනම සැඟවෙන

අනේ මට නම් නොතේරෙන්නෙම

නුඹෙ දඩබ්බර ප්‍රේමය 


දුකක් හිතුනම පරවෙන

යළිත් මොහොතින් පිබිදෙන

මඩෙන් එසවුණු නෙලුම් කැකුලක්

වගේ නුඹගේ ප්‍රේමය 


විටක මගෙ හිත රිද්දන

ආයෙ හිත පිරිමද්දන

මහා අමුතුම හැඟීමක් මට

නුඹෙන් ඉතිරෙන ප්‍රේමය 


පුළුන් මේකුලු දවටන

හිටිහැටියෙ වැහිබර වෙන

අහස තරමට විසල් හැඟුමක්

නුඹෙන් ලබනා ප්‍රේමය

3 comments:

  1. ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ දක්වා ඇත. අපගේ සිඩිය දැනට මෙරට පවතින වඩාතම විශාල බ්ලොග් සංඛ්‍යාවකට ගොඩවිය හැකි සින්ඩියයි. බ්ලොග් 1140 කට වැඩි සංක්‍යාවකට ඒ තුලින් පිවිසිය හැක! වරක් ගොඩවී බලන්න. අපගේ සින්ඩියට ඔබගේ බ්ලොගය තුලින් ප්‍රචාරනයක් ලබාදීමට කටයුතු කරණ්න!

    ReplyDelete
  2. අපගේ සින්ඩියේ ඔබට ඉඩක් වී ඇත! ගොඩවී බලන්න - කැටපත් පවුරේ!

    මේ දැනට ක්‍රියාත්මක වැඩිම වපසරියක් තුල පැතිරුණු සින්ඩියයි. බ්ලොග් 1150 ක්!

    අළුතින් බ්ලොග් ලියන්නන් සඳහා වෙන්වුනු "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමට ගොඩවී දුහුනන්ගේ මැවුම් සඳහා දිරි දෙන්න අමතක කරණ්න එපා!

    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය මගින් ප්‍රචාරණයක් ලබා දීමට කාරුණික වන්න!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. සින්ඩියට යන්න පාරක් බ්ලොග් එකට එකතු කරලයි තියෙන්නෙ!

      Delete