Tuesday, July 25, 2023

නුඹේ සිත්තම

තෙලි තුඩට පණ පොවන්නේ අන් කිසිත් නොව ඒ නුඹේ හුස්ම

සිතුවමක් නොව හැබෑ නුඹමයි ඇහෙනවා නුඹෙ හදේ ගැස්ම

පපුවෙ කොටහක් උඹට දුන්නත් එතන නුඹ නැති නිසයි හිස්ම

තාම ඉඳ හිට ඇදුම් කනවා ඒ තුවාලෙට දාපු මැස්ම

No comments:

Post a Comment