Monday, July 3, 2023

දැන් කමක් නෑ

 නුඹ ගැනම ඉතින් මගෙ හද ගැහෙන හින්දා

මං විඳින දුක නුඹට හැඟෙනවද මන්දා

නිවා තුටු පහන් සිලු හද අඳුර කැන්දා

වීනසුත් තරුවක්ව අහසෙ ඉකි බින්දා


සිත්තමින් නුඹේ රුව මගේ නෙත් කෙවෙනි ළඟ

යන්තමින් වත් නුඹට මගේ දුක හැඟෙනවද

වීනසුත් අසරණයි කියන්නට හරිම මග

පුංචිවත් සෙනෙහසක් මං කෙරේ තියනවද


පෙම් යදම් දමා නුඹේ හදේ මම සිරකරුය

පෙමක් නැති නුඹෙ බැල්ම විටෙක හරි විසකුරුය

හෙටක් නැති ලොවක් මම මවන ඒ බියකරුය

ඒත් දැන් කමක් නෑ, මේ දුකත් මට හුරුය


No comments:

Post a Comment