Sunday, October 8, 2023

පිරිමි හිත්

දුරක් බල බල මුණිවතෙන් හිත් ගිණි කඳක් බර උහුල්ලා

ගන්න හයියක් කොයින් ලැබුණද කියා මට උඹ කියල්ලා

මලක මෙලෙකක් නැතත්, අත්ලට වෙඬරුවෙන් හිත හෙවිල්ලා

ගත්ත පව ගැන විඳවනා දුක පිරිමි හිතකින් අහල්ලා


වේදනා ඇති අස්සෙ හිරවුනු හීන අහුලන හිතක අහුමුලු

පාරවා ගෙන ඉන්නවා ඇති කාත් එක්කත් නොවී දොඩමලු

අපුල්ලා ගල්කුලක් මත කලු හැඟුම් කැටි වී ගලක් වූ රළු

හේදිලා ඇති පිරිමි කඳුලෙන්, මඩත් තුත්තිරි රැඳි පතිනි සලු






4 comments:

  1. විඳමි බොහොවිට වහංවීගෙන දුක් කඳුළු හරි තිත්තමයි
    හිඳිමි සතුටින් බව දැනෙන්නේ නිති සුසුම්වැල් ගත්තමයි
    දනිමි සියුමැලි බව දිනන්නේ ගැහැණියක් සිටි පැත්තමයි
    පිරිමි හිත් ගැන කවියකින් ඔබ ලියූ දේ නම් සත්තමයි....
    ලස්සනයි .
    ජයවේවා !!!

    ReplyDelete