Sunday, November 5, 2023

පුතේ!

 නුඹත් එක්කම හිනා වෙන්නට

මම ළඟින් නැති දිනක් ඒවී


කොහේ හරි දුර තැනක හිඳ

නුඹ දිහාවට මම නෙත් යොමාවී


දුවපු දඟලපු අඬපු හිනැහුනු

මතක එදිනක සුවඳ දේවී


පුතේ දවසක මතක විතරක්

නුඹත් එක්කම ඉතිරි වේවී




No comments:

Post a Comment