Sunday, November 12, 2023

හන්තාන

හන්තාන පතුලින් ඇදී යන්නේ ජීවයේ උල්පත්ය. සැලෙන වෘක්ශයන්ද, ගලන මහවැලියද, හමන සුළඟද පිරී ඇත්තේ ඒ උරාගත් ජීවයෙන්මය.

ඉතිහාසයේ, මෙහි විසූ බොහෝ යෞවනයෝ පරමායුශ ගෙවීමට මත්තෙන් ජීවිතයෙන් වන්දි ගෙවූ හෙයින්, ඔවුන් තුල පැවැත්තාවූ ජීව ගුණය, ඔවුන්ගේ අවසන් හුස්මත් සමග, හන්තාන සිසාරා හමා යන සුළඟට මුහුව තිබෙන්නේ ය. ඔවුන්ගේ ලේ, කඳුලු, දහදිය සාරයෙන් සාරවත් වූ පොළව මත හැදී වැජඹෙන ගස්ද, ඒ මත පිපෙන මල්ද ජීවයෙන් පිරී පවතින්නේ එබැවින්ය. 

ඉදින්, හන්තානෙන් හමන වා දහරකින් ගත් පෙනහලු පිරෙන හුස්මක්, ජීවිතය යළි ජීවත් කරවන තරම් ජීව ගුණයකින් පරිපූර්ණ වන්නේය. ඔබව යළිත් ජීවත් කරවන්නේය. සනසවන්නේය.

ජීවිතය ඇති යැයි සිතෙන මොහොතක, හන්තාන පිළිබඳ මතකය වුවද, තව මොහොතක් ජීවිතය ජීවත් කිරීමට තරම් බලවත් වන්නේ එබැවින්ය!

හන්තානට තාමත් ආදරේ එබැවින්ය!




No comments:

Post a Comment