Sunday, November 12, 2023

ෆ්‍රෙශ් මල්

උහුලන්න බැරි තරම් ගින්දර

ගැල්සියර ඇතුලෙ තිබ්බද

දියවෙලා යන්නැතුවම

කොහොම ඔහොමට උන්නද

කී දෙනෙක් නම් ඇහුවද


ලොකු බ්‍රහස්පති තරමට

ආදරේ බව කිව්වට

මට නිනව්වක් නැතුවට

ක්ශීරපතයෙන් එපිට කොච්චර

තව මන්දාකිණි තිබ්බද


අහසේ වල්ගාතරු වල

නිහාරික දූවිල්ලක

ආදරේ තිබ්බත් කොච්චර

ආදරේ නම් හෙව්වේම මම

පොඩි කදෝකිමි එළි වල


මාව අමතක කෙරුවම

මට මාව නැති කෙරුවම

මගේ හිත ගිණි ගත්තම

හදවතේ පපු කුහර අස්සේ

තියනවා මගෙ මළගම

ඉතින් ඇවිදින් යනවද?


නෑවිදින්, මල් වඩම් නම් හැඩ

නො එව්වත් මට කම් නැත

මල් නැතත් උඹ ඇවිත් යනවද?

ළඟ ඉන්නකොට නොදුන් ෆ්‍රෙශ් මල්

මල් වඩමකට මොකටද

8 comments:

  1. සුපුරුදු තේමාවක් උනත් උපමා උපමේය යොදැගැනීමේ අළුත් බවක් තියනවා.

    ReplyDelete
  2. ආදරය රැඳුනෙම සරළ සියුම් තැන් වල!
    ඔව්නෙ!
    ඒක හරියට පෝෂණ රොටී වගේ!

    ReplyDelete
  3. Litseeker කියල තියෙනව වගෙ... උපමාවල හෙම නැවුම්බවක් තියෙ. ඒක මරැ!

    ReplyDelete