Sunday, November 12, 2023

දන්නවද කන්ථක?

සංසාරෙ පුරුද්දට ළඟට ආවා තමයි

මුත් යසෝදරාවත් හිත හදා ගත්තමයි

පොඩි දොහේ තනි නොතනියට උන්නෙ චන්නමයි

එයත් ආපහු ගියේ පස්ස හැරී නො බලමයි

තව කොතන හරි කියනු බැරි දෙයක් තිබුණමයි!

.

.

.

ළය පැලී මිය ගියේ කන්ථකගෙ විතරමයි!!!



2 comments:

  1. හ්ම්. කන්තකට දරාගැනිමේ ශක්තිය අහිමිව ගියා... කිවොත්!

    ReplyDelete
    Replies
    1. තර්කය සාදාරණයි. ඒත්...

      Delete