Tuesday, June 24, 2014

කිවිඳිය මං, කවි නො ලියන




හිමි සඳ අහිමි සඳ දුක හිත පතුලේ                            ඇති
නිමි පෙම ගැනම ලතැවුල් සෝ සුසුම්                      වෙති
හිමි හැර ගියා මගේ ලොව දැන් ඉරක්                      නැති
ඉමි දුක තියා හිත හුරු වන තුරා                                නිති

නුඹ දුන් හීන තාමත් නෙත් ඉමේ                              ඇත
මා පිදු ප්‍රේම ගඟ තව පපුතුරේ                                  ඇත
ලොවටම කිව්ව අපගේ පෙම බිඳී                             ඇත
කඳුලින් හඬා ලියමි යසෝදරා                                   වත

ගේනා එදා නුඹ මට පෙම් මල්                                 තඹර
වීනා වයා සැනහූ මා සිත්                                         අඹර
පේනා ඉමක වත් නුඹ නො රැඳී                            සොඳුර
නේනා ලෙසම ගියේ ඇයි නුඹ වී                              දබර

උහුලන හිතේ දුක වාවනු නො හැකි                        දිනේ
පීදුන නැඹුලු මල් පර වී යාවි                                 සෙනේ
දෑසම පියා වුව තව නුඹේ රුවම                            පෙනේ
සිහිනෙට වුවද කම් නැත යලි වඩිනු                       මැනේ

හිර ගෙන මගේ ලොව තුල අම සෙනෙහෙ                 විඳි
තිර පෙම කියා මගේ ළමැදේ නිතොර                        රැඳී
දුර නුඹ ගියා දුක ළඟ තනියට                                ලබැඳි
හැර යන තුරා කවි නොලියු මං                               කිවිඳි