Friday, June 9, 2017

සුරතාන්තයට පෙර . . . !

නැගෙන්න පළමු කොට
හිරු එළිය
ඇතිරිලිද ඇඳ පසෙක
ගුලි කර
ගෙලෙන් පපුවෙන්
වැටෙන දා දිය

කවියකට නොවේ හිත
ගයන්නට නොවේ මට
වයන්නට,
සිතාරය
හැඩැති ඒ වීනාව
පිරිමදින අතැඟිලිද

වෙව්ලන දෙතොල්
තෙත් කෙහෙරැලිද
ඉගිලෙන්න ඉගිලෙන්න
හංස ගෙල
ගැට ගසා අතින් තව

සුසර වුණ සුසුම් පෙළ
සසල උණ උදම් රළ
සිසිල නැති කලු රැයක
අසල ගෙවෙනා පැයක

ඉතින් මට
අවසරද නවතින්න

සුරතාන්තයට පෙර...!

4 comments:

  1. අපූරු පද පෙලක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. " වානිජකරණය ! "
    හරිම රසවත් පද ගැටුමක්

    ReplyDelete