හිරිමල් පින්නට
සෞම්‍ය එළියට
නිර්මල පවනට
නැලැවෙමින් මුකුළිත
ප්‍රේමයේ අග්‍රස්ථ අංකුරය
මතකද උඹට?
නිය පිටින් තදකොට
හිත්පිත් නැතිම ගානට
රුහිරුත් ගලනු දුට
කඩා විසිකල
ප්‍රේමයේ අග්‍රස්ථ අංකුරය
මතකද උඹට?
ගැලූ ලේ ගල් වී
කිස්කන තුවාලය වේලී
මතු යළිත් අංකුර ඒවී
මුත්, ඒ කිසිත්
අග්‍රස්ථ නොවේවී
සඳ