නුඹය මගෙ සඳවත
දොවන හද මල
පෙම් දියෙන් කරමින් තෙත
මුත් බොහෝ දින වල
අමාවක පමණක් ඇත
ඉතින් මම තරු ගනිමි
එකින් එක
ඔහේ පායන නුබ මත
නුඹය මගෙ පෙම් කෙත
රන් කරල් නිල වද්දන
හදම කරමින් කම්පිත
පුරන් කරවන හිත් කෙත
නුඹම මොහොතක
ඉඩෝරය වෙත
ඉතින් මම දිය සොයමි
කිරි වද්දන්න මගෙ හිත
එතරම්ම සොඳුරුයි
නුඹෙ හිත
රුදුරු වෙන්නේ
කොහොම එහෙමට
ඉතින් හිතවත
දන්නවද නුඹ
කියවන්න අමාරුම මට
නුඹේ ඔය හිත!
අහසින් වැටි වැහි බිඳු සේ සිසිලක් වී ඇත
ReplyDeleteපොලොවෙන් නැගි අංකුරයක මුදුබව නැහැවෙත
රහසින්වත් ඔය නාමෙට දොසක් කියා නැත
කියවන්නට අපහසු නැහැ සරළයි මගෙ හිත....
ලස්සන නිර්මාණයක්.
ජයවේවා !!!
බෝම ස්තුතියි ❤
Delete