මුහුදු දළ රල පෙනැති වෙරලත
හැපි හැපී යලි බිඳෙනවා
මගෙ හිතත් ඒ වගෙයි සොඳුරිය
බිඳි බිඳී යලි හැදෙනවා
නුඹත් මට දෙන කඳුලු තරමට
මාත් රහසෙන් අඬනවා
ඒත් තාමත් කඳුලු අස්සෙන්
ආදරෙයි මං කියනවා
ඉඳහිටක මම දකින හීනෙක
නුඹ ළඟට වී හිඳීම
දැනෙන කර්කශ හැඟීමට මම
ප්‍රේමයයි නම් තැබීම
ලෝ දමට මම වෙමින් අවනත
නුඹේ අත අත හැරීම
ඉතින් ප්‍රේමිය ඉතිරි මට දැන්
කඳුලු පිස පිස හැඬීම
No comments:
Post a Comment