Monday, September 11, 2023

හත් පෙති මල



ලිහ ලිහා ඇවිත් හත් පෙති මලක පෙති

කලංකය විතරක්ම දැන් අත ඉතිරි ඇති

පැතුව පැතුමකට ඉටු උන කිසිත් නැති

මමත් ඉරුණු කවියක් එළිවැටක් නැති


බිතු මත මැකුන නටඹුත් බලි කුරුටු වෙති

රතු උන දෙනෙත් මත කඳුලත් ඉතිරි නැති

නතු කර මහිත මත පර උන කුමුදු පෙති

අතුරා ගැඹුරු පතුලක යට තබමි නිති

No comments:

Post a Comment