Monday, September 25, 2023

නවතින්නම්!

ඇහුවොතින් ආදරේ තරම කොච්චරක් දැයි

මෙච්චරයි කියා මගෙ දෑත් විහිදන්නම්


කිව්වොතින් අහස මත පායනා සඳ හැඩයි

නුඹ එක්ක සඳ මතට ඉගිලිලා යන්නම්


ඉල්ලනා තරම් මම නුඹේ හිත පිරෙන්නට

ආදරේ ගඟක් වී නුඹ මතට එන්නම්


ඒ තරම් ආදරේ ඇති වෙනා දිනක් වෙද

දරාගන හිතේ දුක මම නිහඬ වෙන්නම්




No comments:

Post a Comment