නෙතට ලඟින් යනකොට මම පවන් දැලේ
සුවඳ ගලන විල මැද තනි නැතිද මලේ
නෙතග තෙමන කඳුලැලි පිස හමන වෙලේ
කඳුළු මොකද දහවල් පිපි කුමුදු මලේ
හඬනු කිමද පාළුද සඳ නැතුවාද
පිපෙනු කිමද දහවල, රැය වැරුවාද
බඹරු නුඹට හෙම ඔච්චම් කෙරුවාද
දිනකර දකිනු රිසියෙන් නුඹ පිපුනාද
හිරුගේ නැඹුලු රතඹුරු දුටු කුමුදු මලී
හලනා කඳුළු පොදී දකිනා මහද පෙලී
නුඹේ ඒ කඳුළු නිවනා රිසි පවන් සැලී
දහවල රුදුයි, රෑ පිපියන් කුමුදු මලී
This comment has been removed by the author.
ReplyDeleteවිල මැද තනිව නෙත් අග කදුළින් ඉන්නා බව දකින ව්ට මොන බඹරද ඔච්චම් නොකර ඉන්නේ... කොච්චර තනි උනත් කදුළ නැතුව ටිකක් දඩබ්බර විදියට හිටියොත් දහවල රුදුරු උනත් කුමුදු මල පරිස්සමෙන් ඉදීවි
ReplyDelete