ඉඳහිටක මතක රළ පෙරළි පෙරළී එතී
හිතේ සුසියුම් කොණක කවනවා හංකිතී
විටෙක හිත අවුලුවන පරව ගිය මල් පෙතී
ඉඳ හිටක තැනින් තැන නටඹුන්ව හමු වෙතී
වසන්තය නො එන වග නුඹත් දන්නව ඇතී
ඉදින් ගිම් තරු කඳුලු කවි වලට මුහු වෙතී
සියොත්මග වලා පෙළ කවි පේලි මුමුණතී
කවියකට උණත් මගෙ දුක දැනෙනවා ඇතී
දුර ඈත අතීතෙක මතක පිටු මිහිරැතී
අතර සොයනෙමි තාම හිතගාව හිතවතී
නිවි නිවී සඳ ගාව දිලෙන තරු අරුමැතී
උනත් හැම තනි රෑම ඔහේ දුක් වෙනවැතී
වෙහෙසකර කතර මැද නතර වීලා හතී
හරින හිත වෙහෙසවන මතක තව මතුවෙතී
නුඹට මට එක්වෙන්න අපිට පින් මදිවැතී
ඉතින් දැන් නැවතියන් හුස්ම! ගැහුනා ඇතී
හ්ම්... ආදරණීයයි ❤
ReplyDeleteවිරහව ආදරණීයයි!!
Delete"කවියකට උණත් මගෙ දුක දැනෙනවා ඇතී" මෙන්න මේ පේලිය තමයි ලස්සනම
ReplyDeleteබෝම ස්තුතියි
Delete