Thursday, December 14, 2023

වෙදැදුරනි

වෙදැදුරනි පැමිනියෙමි සෙත පතා නුඹෙන් මම

ඒ වුණත් කියන්නට නොදන්නෙමි ලෙඩේ නම

රිදෙනකොට පපුව මැද සහ වටේ පැත්තෙ හැම

වෙන්නෝන බෙහෙත ගැන ඉඳුරාම දනිමි මම 



පළමුවෙන් පෙනහල්ල අසලටම යා යුතු

චිකිත්සා කළ මැනවි ඇතුල් පැති ගර්ත බිතු

ඇගෙ සුවඳ රැඳි හුස්ම නො ඇලෙන්න මෙයින් මතු

හතර කොණ ඇල්කොහොල් වතුර ගෙන පිසිය යුතු



ඊ ළඟට නුඹ හදේ සැත්කමක් කල යුතු

පපුව හරි මැදින් විද ගැඹුරටම යා යුතු

ඈ රැඳුන මතක පැස අඬුවකින් ගත යුතු

විදුම නො ඇරෙන ලෙසට සැත් මැහුම් ලෑ යුතු



ලේ උණත් ඉහිරෙන්න ඉඩ කිසිත් නො තිය යුතු

මැහුම් ගැට නො ලිහෙන්න පැලැස්තර දැමිය යුතු

තුවාලය කිස් නොකන ලෙසට සැත්කමෙන් මතු

වේදනා නස්න මධුවිත බෙහෙත ලිවිය යුතු

4 comments:

  1. ලෙඩාම දොස්තර උනාම ඔහොම බෙහෙත් තමයි ලියවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. 😁 වැරදි බෙහෙතක් නෙවේනෙ. හරිම බෙහෙත ලියවගන තියෙන්නෙ. 😁

      Delete