Friday, June 28, 2024

යාලුවේ

 රැයේ සඳ දිය පෙරා පිණි මල් කිනිති මීදුම් සාලුවේ

දොවා හංකිති කවා අත හැර දමා යන විට පාලුවේ

දවාලන මුත් සැහැසි හිරු හා මල් උනත් යළි යාලු වේ!

සඳේ ඉකිලන රහසකිය එය දන්නවද මගෙ යාලුවේ!

1 comment:

  1. මේ දවස් වල මම ගැටළු රාශියක!

    සාමාන්‍යයෙන් ජීවිතේ තිබුනු ප්‍රශ්න වලට අමතරව ඉඩම් නඩුවක්/ ගිටාර් පුහුණුවක්/ නැවත රට වටා සයිකල් සවාරියක් සඳහා සූදානමක් වැනි කාරණා නිසා බ්ලොග් කියැවීමට තබා මගේ බ්ලොගය යාවත් කාලීන කිරීමට නොහැකිවූ බව කරුණාවෙන් සලකන්න!
    ඒ නිසාම ඔබ්ලාගේ රසවත් ලිපි කියැවීමට හෝ ඊට ප්‍රථිචාර දැක්වීමට නොහැකි වීම පිළිබඳව සමාව දෙන්න!
    අගෝස්තුව වන විට සුපුරුදු රිද්මයට වැටේවි.
    එතෙක් බලා සිටිමු.
    ස්තූතියි.

    ReplyDelete