මම හිතුවා. ගොඩක් හිතුවා. මම මහා රැඩිකල් එකෙක් කියල හිතගන හිටියට, මගෙ ඇතුලෙත් ඉන්නෙ නිකංම නිකන් බොළඳ පුස් චරිතයක් කියල මටත් දැනුනා. ආදරේ කියන දෙකයි පණහේ අකුරු ටික හරියට ගලප ගන්න බැරුව මමත් එහෙ මෙහෙ පීරුවා. වෙන මොකක්වත් නෙවෙයි මගෙ හිත.
මගේ ප්‍රශ්න වලට උත්තර තියෙන්න ඕනෙත් මගෙ ගාවමනේ. උත්තර කෙසේ වෙතත්, හිතට හෑල්ලුවක් කර ගන්න පුළුවන් දේවල් ටිකක් මට හොයගන්න පුලුවන් උණා මගෙ හිත ඇතුලෙන්. ඉන්ජිනේරුවෙක් වෙන්න කියල හිතාගන ඔහේ කරනන්නං වාලෙ ඉගන ගන්න මගෙ ඔලුවෙ ඇතුලෙ ඉතින් ඉන්ජිනියරින්ග් ඇරුණම අනිත් හැමදේකින්ම හැම වෙලේම සන්තෘප්ත ගතියක් තියනවා. ඉන්ජිනියරින් වලින් පුලුවනැයි හිතක් හදන්න, තියන ටිකත් කඩනව මිසක. හා ඒවා පැත්තක දාමු. කියන්නෙ ගියේ මේකයි. හිත බ්ඳිල තිබ්බ වෙලාවෙ හිත ඇතුලෙ බිඳුනු තැන් හොය හොය පැලස්තර අලව අලව ඉන්නකොට මට හිත ඇතුලෙ අමතක වෙලා ගිහින් තිබ්බ පොඩි පොඩි දේවල් ටිකක් හම්බුනා. වෙන මුකුත් නෙවේ. ලස්සන සින්දු කෑලි ටිකක්. ඒ සින්දු කෑලි, අර අලව අලව හිටිය හිස් පැලස්තර වලට හොඳ බෙහෙතක් කියල තේරුනා. ඉතින්, බලන්න බෙහෙත් වට්ටෝරුව. ප්‍රයෝජනවත් වේවි.
හුළවාලි කියන චිත්‍රපටයේ එන, සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ධර්මසිරි ගමගේ ශුරින් රචනා කරපු "කුඩා ගමේ" කියන ගීතය. මට ඒකෙ මුල කෑලි දෙකට වඩා මට තදින්ම හිතට වැදුනේ අන්තිම කෑල්ල.
'ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
ආලෙ බිඳුන දා කුමකට කඳුලු හෙලනු සකී
ආලවඩන යන තේරුම බෝසත් කම සකී'
ආදරය ගැන කොච්චර පුළුල් විදිහට මේ පේලි 4න් කියවෙනවද? ආදරය අහිමි වීම නිස මිනි මරාගන්න සමාජයක, විරහව හමුවේ කොයි තරම් උපේක්ෂාවෙන් ඒකට මුහුණ දෙනවද? තමන්ව අස්වසාගන්න අනිත් කෙනාගෙ වැරදි කියන එක වෙනුවට මේ වගෙ උසස් චින්තනයක්, මානසිකත්වයක් ඇති කර ගන්න එක කොයි තරම් වටිනවද? ආදරය කියන්නෙ එල්ලිලා ඉන්න එකට නෙවෙයි, අත් හැරීම හැටියටයි මේ රචකයා අර්ථ දක්වල තියෙන්නෙ. බොහෝ දෙනෙක්ගෙ මතය, දැක්ම වෙන්නෙ ආදරය කියන්නේ ඇද බැඳ තියාගන්න එක කියල. ඒත් ඒක එහෙම නෙවෙයි කියන හැටියට මේ ගීතයෙන් කියැවෙනවා.
'විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියා දෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ...'
මේ ගීතය, අමරදේවයන්ගේ හඬින්, ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේය පද, ප්‍රේමසිරි කේමදාසයන්ගේ තනුවෙන් වර්ණවත් වෙලා තියනව. මේ පද දිහා බැලුවම තේරෙන්නෙ මොකද්ද? තමන්ට පිටුපාන ගැහැණියට, සොඳුරු ළඳුනේ කියල කරල තියන ආමන්ත්‍රණය. තමුන්ට පිටු පාල යන ගෑනිට, මගේ නපුරු ළඳුනේ නැත්තම් මගේ වේස ළඳුනේ කියල කතා නොකර, 'සොඳුරු' කියන විශේෂණය යොදන්න හැකියාවක් තියන මනුස්සයෙක්ගෙ හදවත කොයි තරම් නම් සොඳුරු වෙන්න ඕනෙද? හැබෑ ආදරය කියන්නේ දරා ගැනීම. මේ ගීතයෙන් කියවෙන්නෙත් කලින් වගේම බෝසත් ආදරයක් නෙවෙයිද?
'සිත ඔබ පාමුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි වීජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා...'
පිරිමියා පමක් නෙවෙයි, දුකට පත් උන ගැහනිය තුලද ඒ උපේක්ෂාව ඇති වෙන්න පුලුවන්. දීපිකා ප්‍රියදර්ශනී විසින් ගයන මේ ගීතය ලියැවුනේ කුලරත්න ආරියවංශශයන් විසින් එ වගේම තනුව රෝහණ වීරසිංහන්ගේ. තමන්ට අහිමි ප්‍රේමය ගැන උපේක්ෂාවෙන් බලන සොඳුරු කාන්තා රත්නයක් මට මේ ගීතයෙන් පිළිබිඹු වෙනවා. තමුන් නොලද තමන්ගෙ සිහින කුමරුවාට තෝ නොදකින් හෙන ගහපන් නොකියා, ඔබට සෝ තැවුල් නොම වේවා කියන්න තරම් පරාර්තකාමි හදවතක් මේ ගීයෙන් අදහස් වෙනවා.
ආදරය නොලැබීම හෙවත් විරහව හමුවේ මිනිස්සු හැසිරෙන විදිහ මෙහෙමයි කියල කියන්න බෑ. ඒත් ඕනම බරපතල ගැටලුවක් උපේක්ෂාවෙන් දකින්න පුලුවන් ඕනම කෙනෙක්ට. ඒකෙන් දෙදෙනාටම වෙන හානිය අඩුයි. කොහොම උනත්, නොලැබෙන ආදරයක් පැතීම, නොලැබෙන පුද්ගලයෙක් පැතීමට වඩා බෝසත් ආදරයක් වගේ නිදහස් හිතකින් ආදරය කරන්න ආදරය ලබන්න පුලුවන් නම් අනිත් කෙනා ලැබෙනවද නොලැබෙනවද කියන එක ප්‍රශ්නයක් නොවී ආදරය ලබන වෙලාවටවත් ඒකෙ උපරිම උනුහුමක් ලබාගන්න පුලුවන් වෙනවා. ඉතින් මගෙ හිතේ තිබ්බ තුවාල වලට මේ බෙහෙත් දාල පැලස්තර ගැහුවම සෑහෙන්න නිදහසක් හිතට දැනුනා. මට නම් මේ බෙහෙත සාර්තකයි. අත් දුටුවයි. ප්‍රත්‍යක්ෂයි. තව මේ වගෙ හැංගුන බෙහෙත් ඇති. හොයල බලමු. නේද?
වටු මචං......................
ReplyDeleteබ්ලොගය නියමයි.... ඔබේ රචනාවන්ද අගෙයි...... බ්ලොග් ඒක අපේ සින්ඩිකේටර් කිහිපයකට ම ඒකතු කරන්න... ඒක අපේ අයට මෙහෙට ඒන්න පාර කියාවි........ දිගට ම ලියමු.....................
බොහොම ස්තුතියි. මේ පෝස්ට් එකට දැනට ලැබිල තියන පළවෙනි සහ එකම කමෙන්ට් එක නිසා වටිනාකම වැඩියි. තව කමෙන්ට් ඉස්සරදි වැටුන්ත් ඒ වටිනාකම අඩු වෙන්නෙ නෑ. තැන්කූ හොඳේ...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහ්ම්ම්ම්..විරහව දිහා බලල තමන්ට අහිමි වුනත් ඒ අහිමි ආදරේ සතුටින් ඉන්න ඕනි කියල ආශිර්වාද කරන්න තරම් පුලුවන් නම් ඒ තමයි නියම ආදරේ...
ReplyDelete