මම මේධානි හමුවට ගියෙමි. ඈ ආලින්දයේ සිය නිදිගත් දරුවා ළයෙහි රුවා ඔහේ අනන්තය දෙස බලා උන්නාය. මා ඇය ළඟටම යන තෙක්, ඈ මා නොදුටුවාය.
"මේධානි, බර කල්පනාවක වගේ..."
ඈ තිගැස්සී මදෙස බැලුවාය.
"අනේ... අකලංක, ළඟට එනකල් දැක්කෙ නෑ. එන්න... මෙහෙන් ඉඳගන්න."
"මට තේරුණා... වෙනම ලෝකෙක හිටියෙ කියල."
කාන්සිය මුසු වූ සිනාවකින් පමණක් මේධානි ප්‍රතිචාර දැක්වුවාය.
"අකලංකගෙන් මම අහන්නම හිටියෙ. තිවංකව හම්බුනාද?"
"ම්ම්... නෑ. ළඟකදි නෑ."
"එහෙමද..."
"ඇයි එහෙම ඇහුවෙ"
"නෑ... නිකන්... අකලංක මේ කතාව අවුස්සන්නෙ මොකටද කියල මම දන්නෙ නෑ. ඒත්..."
"ඒත්?"
"ඒත්... ඒ කාලෙ වෙච්ච දේවල් එකින් එක එකින් එක මතක් කරන නිසාමද කොහෙද, මගෙ ඔලුව අවුල් වෙලා..."
"මේධානිගෙ හිත නිදහස් කරගන්න මා එක්ක ඒ දේවල් කිව්ව නිසා මිසක්, මේධානියෙ හිත රිද්දන්න මම ඒව ඇහුව නෙවෙයි..."
"මම දන්නවා. ඒත්.. දැන් මටම මේ කතාව හරිම වදයක්"
"කොච්චර කිව්වත්, එහෙම අතීතය අමතක කරන්න බෑ නේද?"
"ඒක මතක් කරන එකෙන් වෙන්නෙ තවත් පෑරෙන එක"
"හොඳයි.. එහෙනම් අපි ඒ ගැන කතා නොකර ඉමු"
ඈ සිනසුනාය.
"මම දනවනෙ අකලංක ඔයා ගැන. කතා නොකර ඉමු කිව්වට හිතකින් නෙවෙයි නේද කිව්වෙ?"
මම සිනාසුනෙමි.
ඈ සිය දරුවා වඩාන ගෙතුලට පිවිසියා ය.
"එන්න එන්න ඇතුලට." ඈ යන ගමන් පැවසීය.
මම ගෙතුලට ගොස් හිඳගතිමි. ඈ සිය දරුවා කාමරයෙන් නිදි කරවා යළිත් ආවාය.
"හරි... තිවංක අමතක කරමු. අචින්ත ගැන කියන්නකො. කොහොමද අචින්ත?"
ඈ සුසුමක් හෙලුවාය.
*****
"අන්න මනමාලය ඇවිත්" ඒ කුමාරි නැන්දාය. මම කණ්නාඩිය ඉදිරිපිට හොල්මනක් මෙන් මදෙස බලා සිටියෙමි. සිතුවිලි හිතට ගලා එන්නෙ දි ඇල්ලක් මෙනි. පාසැල ඇරී සුදු ඇඳුම් උණා දමා, මා සිරුරෙ ඇති හැඩ, උපන් ලප, අව්වට නිරාවර්ණය වූ සමත්, ඇඳුමට වැසුනු සමත් අතර ඇති වෙනස බැලූ කණ්නාඩිය ඉදිරියෙහිම, මම, ඔසරියකින් සැරසී, හැඟීම් විරහිතව, ඔහේ මදෙස බලා සිටියෙමි.
මිනිත්තු කිහිපයකින් අම්මා කාමරයට ආවාය.
"දූ... පොඩ්ඩක් හිනා වෙලා ඉන්න. ඔහොම බය වෙලා වගේ නැතුව."
මම ඈ දෙස බැලුවෙමි. අසරණ හිනාවක් ඇයට පෑවෙමි. ඇය ද මා ද, එකිනෙකට වචනයෙක් කතා නොකළද, දහසක් සිතුවිලි එහෙට මෙහෙට හුවමාරු වූ බව නම් සැබෑමය. කුමාරි නැන්දා මගේ කොන්ඩයට කටු ගසමින් එහෙන් මෙහෙන් ඉස්සෙන කෙස් කැරලි හිසට තද කිරීමෙහි සාවදානව නියැලී උන්නාය.
අම්මා තවමත් මදෙස බලා සිටින්නීය.
මම ඇගෙන් නෙත් ඉවතට ගෙන, යළිත්, කණ්නාඩිය මත වූ මගේ රූපය දෙස බලන්නට වීමි.
අම්මා කාමරයෙන් පිටව ගියාය.
යළිත් අම්මා කාමරයට ආවෙ, සුදු රෙදිකඩකින් වැසූ බුලත් හෙප්පුවක්ද අතැතිවය.
"කෝ මෙහෙට ආවනං" අම්මා මට කතා කළාය.
මම ඔහේ හුනස්නෙන් නැගි සිටියෙමි. කාමරයේ දොරකඩට ගොස්, පෙනහලු පිරෙන තෙක් හුස්ම රැල්ලක් ගත්තෙමි.
"ආ... මේක ගන්න..."
මම දකුණතින් හෙප්පුව අතට ගනිත්ම, "අත් දෙකෙන්ම ළමයො..." අම්මා කිව්වාය. මම යළිත් ඈ දෙස බැලුවෙමි. මගේ දෙනෙත් ඇගේ දෙනෙත් එකිනෙක ගැටීම ඇයට දරගත නොහැකි නිසාදෝ, ඈ ඉක්මනින් බිම බලා ගත්තාය.
"යමු... ඒ මිනිස්සුත් එක්ක හිනා වෙලා කතා කරන්න. අකමැත්තක් තියනව නම් ඒ මිනිස්සු ගියාට පස්සෙ කියන්න"
මම අම්මාගේ වත්තමින් සාලයට ගියෙමි. බුලත් හෙප්පුව දෙස විනා අන් කිසිවක් හෝ කිසිවෙක් දෙස නොබැලුවෙමි. මනමාලයා විය යුතු තැනැත්තා අසලට අම්මා මා ගෙන ගියාය. ඔහු හුනස්නෙන් නැගිට හෙප්පුවෙන් බුලත් කොළයක් අතට ගත්තාය. මම පසෙකට උණෙමි.
"හරිම ලැජ්ජ කාරි..." ඒ අප්පච්චී ය.
"ඔව්... මලක් වගේ හැදුවෙ. අපිට ඉතින් මෙච්චරමනෙ..." ඒ අම්මාය.
"අපි මේ ළමයින්ට පොඩ්ඩක් කතා බහ කරන්න වෙලාවක් දෙමු නේද?" ඒ මනමාලයගේ පාර්ශවයේ අයෙකි.
සියල්ලෝ එහෙට මෙහෙට විසිර ගියෙන්, සාලයේ මමත් ඔහුත් පමණක් තනි වීමු.
මම තවමත් සාලයේ බිත්තියට හේත්තු වී බිම බලාන සිටියෙමි. ඔහු නැගිට මා අසලට එනු මට දැනුනි.
"මොකෝ... තව උස යන්නද හිටගන ඉන්නෙ"
මම මුණිවත රැක්කෙමි.
"මම අචින්ත, ඔයාගෙ නම?"
කළ යුත්තේ කුමක්දැයි නො වැටහේ. තිවංක මා දෙස බලා සිටින්නාක් මෙන් මට දැනෙන්නට විය. මම කිව යුත්තේ කුමක්ද, කල යුත්තේ කුමක්ද කියා නොදැන, ඔහේ, හිටගෙන සිටියෙමි.
"බය වෙන්න එපා ළමයො. මම ආවෙ ඔයාව අදම උස්සගන යන්න නෙවෙයි. කතා බහ කරල අකමැති නම් කියන්න. එන්න මෙහෙන් ඉඳගන්න"
මම හිඳගතිමි. ඔහුගේ වචන සැබැවින්ම මගේ හිත සුවපත් කරන්නාක් මෙන් දැනෙන්නට විය. මම තිවංකට චපල වීමට සැරසෙන සෙයක් මටම වැටහෙන්නට විය. එහෙත්... මට අවැසි කුමක්ද? තිවංක මට නොලැබෙන බව සක් සුදක් සේ පැහැදිලිය. ඉදින් මට අන් කිසිවෙකුගේ අවශ්‍යයතාවයක් ද නෙවේ. නමුත්, තැලී පෙලී ආතුර වූ හිත සුවපත් කරන කුමක් හෝ අමුතු ඖෂධයක් ඔහුගේ කටහඬ සතු විය.
"හ්ම්ම්... දැන්වත් කියන්නකො. නම මොකද්ද"
"මේධානි"
"ආ... මම මේධා කියන්නම්..."
"නෑ.. මේධානි කියලම කියන්න"
"හරි හරි... මේධානි. මේධානි බලාපොරොත්තු උනේ මොන වගේ කෙනෙක්ද?"
"මම මොන වගේ කෙනෙක්වත් බලාපොරොත්තු උණේ නෑ"
"ඒ කියන්නෙ... අම්මල මෙ බලෙන්ද දුවව බන්දන්න යන්නෙ" ඔහු සිනාසෙමින් ඇසීය.
මම කිසිත් නොකිව්වෙමි.
"හරි හරි... මම අම්මලට කියන්නෙ නෑ. කියන්නකො"
මම කිසිත් නොකිව්වෙමි.
"හරි. එතකොට... දැනට වෙන කවුරු හරි හිත ගිය කෙනෙක් ඉන්නව ද?"
"අනේ... ඕනෙ නැති දේවල් අහන්න එපා"
"ඉතින් අහන කිසිම දේකට උත්තර දෙන්නැති කොට, කොහොමද, මම දැන ගන්නෙ ඕනෙද නැතිද කියල"
"මම දන්නෙ නෑ"
"හරි හරි..."
අපි එතනින් එහා කිසිත් කතා නොකළෙමු. ඔහුගේ බලාපොරොත්තුවක් වී නම් එතෙකින් ඒ සුන් වී යැයි මම සිතුවෙමි.
දවස ගතවිය.
මම යළිත් කාමරයට වී සිටියෙමි. ඔවුන් පිටව යන මොහොතේ යළිත් පැමිණ කතා කොට යළිත් කාමරයට රිංගා ඇඳුම් උණා දමා සිටියෙමි.
මොහොතකින් අම්මා ආවාය.
"දූ මොකද කියන්නෙ?"
"මොනව කියන්නද..."
"ඒ ළමයට කැමතිද? හරිම හොඳයි. වැදගත් පාටයි."
"මම දන්නෙ නෑ අම්මෙ." මම ඇඳේ දිගා වී දෙනෙත් පියාගතිමි. අප්පච්චි සැනෙන් කාමරයට කඩා වැදුනේය.
"ඔව්.. උඹ දන්නෙ එක එක හිඟන හැත්තවල් එක්ක පෑහෙන්න විතරයි. උඹේ කැමැත්ත අකමැත්ත වැඩක් නෑ. ඒ ළමයගෙ වචන දුන්නා උඹට කැමතියි කියල. වෙන මගුල් ඔලුවෙන් අයින් කරල ලෑස්ති වෙයන්." අප්පච්චි කියාගෙන කියාගෙන ගියේය.
අම්මා සෙමින් මා අසලට ආවාය. මම කිසිත් නොකියා කිසිත් නොදැනෙන්නෙකු සේ ඔහේ ඇඳ මත දිගා වී උන්නෙමි.
"දූ ඒ අයට හරියට කතා කළේවත් නැති එකට අප්පච්චිට තරහ ගිහින්. ඒකයි ඔය. මම කියන්නෙත්, ඒ දරුව හොඳ පාටයි. වැදගත් රස්සාවක් කරන හොඳ මනුස්සයෙක්. අපි නරකක් කරන්න මෙහෙම කරන්නෙ නෑනේ දුවේ"
අම්ම මගේ ඔලුව අතගෑවාය.
තිවංක සහ අචින්ත මනස තුල දෙපැත්තකට වී මදෙස බලා හිඳිනු පමණක් මම සිහිනෙන් මෙන් දුටුවෙමි.
මතු සබැඳි
ඊළඟ කොටස පහලින්
නිර්නාමික xxii
Saturday, October 20, 2018
Saturday, July 21, 2018
නිර්නාමික xx
මහා සුනාමියකින් පස්සෙ වගේ තවත් නැති වෙන්න මුකුත්ම නැති වෙච්ච වෙලාවක හිතට දැනෙන මූසල පාලුවට මම ආදරේ කරන්න පටන් අරන්. ඒ පාලුව පන්සලේ වැට මායිම් හතරෙන් එළියට ගියාම, දැනෙනව වැඩි. මේධානිට මොනව උනාද කියන කුකුස හිතේ තිබ්බෙ පන්සලට ඇවිත් දවස් ගානක් යනකල් විතරයි. හිත කියන්නෙ මහ පුදුම දෙයක්. දුක කියන්නෙත් මහ පුදුම දෙයක්. වචන වලින් විස්තර කරන්න තේරෙන්නෙ නැති තරම්.
"තිවංක, තාමත් පරණ දේවල් මතක් කර කර දුක් වෙනවද?" බෝධි මලුවෙ බිම ඔහේ ඉඳගන කල්පනාවෙ හිටිය මගෙන්, ළඟටම ආව මේධාලංකාර හාමුදුරුවො ඇහුවා. උන්නාන්සෙ දිහා බලල හිනා වෙච්ච මම පුරුදු උත්තරයක් දුන්නා.
"හැමදාම වගේ... අනිත්‍යය සිහි කරනවා"
"අනිත්‍ය සිහි කරන එක නම් හොඳයි. ඒත් අනිත්‍ය සිහි කර කර දුක් වෙන එක නම් හොඳ නෑ." උන්නාන්සෙ එහෙම කියන ගමන් මලුවෙ තිබුනු පොඩි බංකුවෙ වාඩි උණා.
මම ඒකට මුකුත් කිව්වෙ නෑ.
බෝධි මලුව හරහා සර සර සද්දෙට සනීප සුළඟක් හැමුවා. මම ඇස් වහගත්තෙ ඒ සනීපෙ හිතින්ම විඳ ගන්න ඕනෙ නිසා.
"තිවංක, පොඩි සැපයටත් හිත ඇලෙනව නේද? දුකත් ඒ වගේම තමයි. අල්ලන් ඉන්නකල් දුකයි. හුළඟ වගේ. ඇඟේ වදිනකල් සැපයි. නැති කොට ආයෙ දුකයි. ඇඟේ වැදුන හුළඟ අල්ලගෙන සතුටු උනොත් තමයි, ඇඟේ හුළඟ නොවදින එක ගැන දුක හිතෙන්නෙ. ඒක එතනින්ම අත අරින්න. ආයෙ දුකක් ඉතුරු වෙන්නෙ නෑ. අනාත්මය තේරුම් ගන්න"
හාමුදුරුවොන්ගෙ වචන ටික මම ඇස් වහගනම අහගන හිටියා. මට ඒත් ඒක තේරුනේ නෑ. මට ඒක තේරුම් ගන්න ඕනෙ කමක් තිබ්බෙ නෑ. ඒත් අනාත්මය කියන වචනෙ ආයෙ මාව කුණාටුවකින් උස්සගෙන අතීතෙට ඇදන් යනව වගේ ඇදගන ගිහින් ඉස්කෝලෙ පන්ති කාමරේ ඇතුලට අත ඇරිය.
"මොකද්ද අනාත්මීය ආදරයක් කියන්නෙ. අනාත්මීය ආදරයක් පවතින්න පුලුවන්ද?" මම එහෙම ඇහුවෙ මේධගෙන්. මේධ හිතන්න ඇත්තෙ මට පිස්සු කියල. ඇත්ත. මට පිස්සු තමයි.
අනාත්මීය ආදරය කියන්නෙ බොරුව. අනාත්මය ඇතුලෙ ආදරයක් තියෙන්න බෑ. ආදරයයි අනාත්මයයි කියන්නෙ එකම කාසියෙ දෙපැත්ත වගේ.
එකක් තෝර ගන්න වෙනව තිවංක. මගෙ හිත මට කිව්වා.
ආදරයද? අනාත්මය ද?
මම ඇස් ඇරියා. තාමත් මේධාලංකාර හාමුදුරුවො මගෙ පැත්තක ඉඳගන. උන්නාන්සෙත් ඇස් පියාන හිටියෙ.
මම ආයෙ ඇස් වහ ගත්ත. හිත සුවපත් වෙලා තිබුනෙ, මුලින් තිබුනට වඩා. ඒත් ඒ සුවපත්භාවය ඇතුලෙ තවම අලු යට හැංගිච්ච ගිනි පුපුරු වගේ මොන මොනවදෝ වේදනාවල් ටිකක් තිබුණා.
*****
විහාරෙ පොත් ගුල මාව වෙනම ලෝකෙකට ගෙනිච්චා. මුතු බෙල්ලෙක් ගල් කැටයක් කොච්චර වේදනවකින් තමන් ඇතුලෙ තියාගනද, ලස්සන මුතු ඇටයක් ලෝකෙට දීල මැරිල යන්නෙ. මාත් ඒ වගේ. තිබ්බ හැම වේදනාවක්ම හිත මෙල්ල කරගන්න ලැබිච්ච දේව වරයක් විදිහට දකින්න පුරුදු උණා. පන්සලට ගමේ මිනිස්සු ඇරුනම වැඩි සෙනගක් එන්නෙ නැති නිසා, ඒ මෙල්ල කරගත්ත හිත එහෙම්ම තියා ගන්න ඒක පිටිවහලක් උණා. හොඳින් සෙවිලි කරපු වහලය තෙමෙන්නෙ නැතිවාක් වගේ, හිතත් හොඳින් හෙවිල්ලන්න මට පුලුවන් උණා.
බෝධි මලුවෙ පුරුදු තැන පුරුදු විදිහට ඉඳන් ඉද්දි, වෙනද වගේ සද්ද නැතිවම, මේධාලංකාර හාමුදුරුවො මගේ ළඟට වැඩියා. උන්නාන්සෙ පුරුදු තැන ඉඳගන්න බරවෙනවත් එක්කම, මගේ නම කිව්වෙ වෙනදට වඩා වෙනස් විදිහට.
"තිවංක... තිවංක උපාසක මහත්තයා..."
ඒ කිව්ව එකට මම හිනා උනා මිසක් මුකුත් කිව්වෙ නෑ.
"තිවංක, මොකද හිතන්නෙ... ශාසනේට මහණ කර ගන්නවට කැමති නැද්ද?"
මම උන්නාන්සෙ දිහා බැලුවා. උන්නාන්සෙ ශාන්තව දෙනෙත් පියාන හිටියා.
මතු සබැඳි
ඊළඟ කොටස පහලින්
නිර්නාමික xxi

Tuesday, June 5, 2018
ආදරණිය රතු හුය
මම
ඇගේම කොටසක්...
මගේ ආත්මය...
ඇය තුල වෙසෙන කල...
මම, ඈ හා...
රතු හුයකින් බන්දී සිටියෙම්...
මුත්...
මුහුණු වසාගත්...
රුදුරු පිරිසක්...
ඇයටද රිදවා...
ඇය තුලින් මා එලියට ඇද...
ඇයත් මාත්...
භෞතිකව බැඳී සිටියා වූ...
ආදරණිය රතු හුය...
දෙකඩ කොට...
මා ඇගෙන් වෙන් කිරීමට....
දැරූ යත්නය...
හයිය මදි...
මම...
තාමත් ඈ තුලමයි...
H ගසට ආදරෙන්
මම -
වසා පොලෝතලයම කුඩයක් වැන්නේ
කිම පෙම් යුවල හට නුඹ රැකවල් දෙන්නේ
ගස -
උන්ගේ ලොවක් ගැන හෙමිහිට මුමුනන්නේ
අන්ගෙන් ඔවුන් සඟවන්නට මම ඉන්නේ
මම -
ඒ පෙම් ලොවට නුඹ කරනා කැප යෙහෙකි
මේ වන් පෙමක් රැකුමට අන් කාට හැකි
ගස -
මගෙ පාමුලේ ලියු පෙම් කව් බොහොමයකි
සමහර කතා දකිනා සඳ අරුමයකි
මම -
අන් පෙම් රකින සුන්දර නුඹෙ පුංචි සිතේ
ලියැවුනු නුඹෙම පෙම් පුවතක් ඇතැයි සිතේ
ගස -
කුලුඳුල් සිතින් මා ලියු පෙම් කතා පොතේ
නැවතුම තිත තබා අවසන් කලෙමි පුතේ
මම -
හමු වූ යම් දිනෙක මගෙ හිත ගත් ලන්දූ
ගයනෙමි නුඹේ පාමුල ඈ හා සින්දූ
ගස -
පිලිගමි මලින් සරසා තුරු හිස් රැන්දූ
සලමින් නේක අත මල් වැහි පිණි බින්දූ
මම -
තුති නුඹෙ වදන් විය මෙන් මී සවනතට
කිම නුඹ නැවත පෙම නොපතනු කියන් මට
ගස -
විඳි දුක් ගින්න ආයෙත් විඳවනු කුමට
කරදර නොමැති තනි කම සැපයකි මෙමට
මම -
සතුටකි මහත් නුඹ හා දෙබසින් සබඳ
එන්නම් විටෙක හැකි නුඹ වෙත මම නිබඳ
ගස -
නුඹගේ වදන් සතුටකි මම පුදමි තුති
ඉඩ ඇති විටෙක නුඹ ඇවිදින් යන්න නිති
නිර්නාමික xix
තිවංක නිවසින් ගිය බැව් මම අසා ගත්තේ අම්මත් අප්පච්චිත් කතා කරනු ඇසීමෙනි. හදවත දැනටමත් කඩා වැටී තුබූ හෙයින් ඉන් එහා කඩා වැටීමට ගැඹුරක් තවත් ඉතිරිව නොතිබෙයි. මම කැඩපත ඉදිරියේ සිටගතිමි. තිවංක හා මා අතර තිබූ විකාරරූපී ප්‍රේමානන්දනීය විරහ කතා වස්තුව දෙනෙත් පියාන වුවද දෙනෙත් හැර වුවද හැම විටම හිත අභියස මැවෙයි.
මාස කිහිපයකට පෙර මේ කැඩපතෙන් දුටු සුන්දර මේධානි වෙනුවට මුහුණ ඉදිමුණු ඇඟෙහි හැඩ හැලුනු නිකන්ම කෙල්ලක මම දකිමි. ලස්සනය යැයි සිතු මම ම, අද, අවලස්සන, මා තුල දකිමි. ඇඟ හෝ මුහුණ ලස්සන වන්නේ ලස්සන හිතකින් ඒ දෙන බැලු විටක පමණක් බව මම වටහා ගනිමි. විනිදින නයිටිය හරහා එල්ලී වැටුනු මගේ පියයුරුද, කුදු කොටගත් කොන්ද නිසා පෞරුෂය සුන් වූ මගේ සිරුරද, අවුල් වී තෙල් බේරෙන මගේ කෙස් වැටියද, ම සිත මා කෙරේ කළකිරවයි.
වත්සලා පෙර දාක මගේ බඩක් නැතැයි හීල්ලීම ම, මට "හෝ වහක්" වී ඇත්දෝ කියා මට සිතෙයි. කෙසේ වෙතත් කිසිත් නොසිතමි. සියල්ල සිදුවී හමාරය. මින් එහා කිසිත් මට නොතේරෙයි. මම තේරුම් ගැනීමට වැර නොකරමි.
*****
"මෙහෙම කොච්චර කාලයක් කරන්නද? මේ ළමය අනාගතයක් ගැන හිතුවොත්" ඒ අම්මාය.
"මාත් ඕකම හිතුව. මෙහෙම මේ ළමය සාංකාවෙන් වගේ ඉන්න එකෙන් අන්තිමේ මොන අසනීපයක් වෙයිද? හරියකට කන්නෙ බොන්නෙවත් නැතිව." අප්පච්චිගේ පිළිතුරු කාමරයට ඇසෙයි. මම ඇඳ මත දිගා වී සිටිමි.
"පෙළවහක් ගැන හිතන්න තවම වයසක් උනේ නැතත්, මේ වෙන ඒවයි හැටියට, මේ ළමය ආයෙ මොනා හරි කරගනි කියලයි බය" නැවතත් අම්මගේ වචන ය.
"ඉතින් අපි කරන දෙයක් ඉක්මන් කරමු. දැන් පොඩි වුන් නෙවේ නෙව." අප්පච්චි කියනු ඇසේ.
ඒ සංවාදය මා විවාහ කර දීමට බව මම දනිමි. ඊට දැක්විය යුත්තේ කුමන ප්‍රතිචාරයක්දැයි නොදනිමි. අඬමිද? හිනැහෙමිද?
තිවංක දැනගත්තොත්, මොනා හිතෙයිද? මට බඳින්න ඕනෙ නැති විත්තිය එයා දන්නව. අනික, මේ අපෙ අම්මලගෙ තීරණ. ඒක එයා දන්නව. මම දන්නෙ නෑ, තිවංක මොනාද කරන්නෙ කියල.
මගේ සිත මට අවනත නොවී ඔහේ සිතන්නීය. මම මගේ සිත නතු කරගැනීමට වැර නොදරමි. ඊට රිසි සේ සිතන්නට ඉඩ හලිමි.
*****
"දූ... මෙහෙම කොච්චරක් කල් කියල ඉන්නද?" අම්ම ඇඳ උඩ හිඳ ගත්තාය. මම ඇඳ විට්ටමට බරව කොට්ටයක් තුරුලු කර සිටිමි. අප්පච්චි කාමරය ඔලුව දමා නැවතත් කාමරයෙන් පිටව ගියේය. මම අම්මා කී කිසිත් නෑසුනාක් මෙන් ඔහේ බලාගත්වනම බලා සිටිමි.
"අප්පච්චි එක්ක කතා කළා මම මේ ගැන" අම්ම කියයි.
මම කිසිත් නොකියමි.
"දූගෙ හිතේ තියන දුක කරදර හැමදේම හරි යන්න, අපි හිතුවේ දූට හොඳ තැනකින් හොඳ ළමයෙක් කතා කරන්න" අම්මා කියයි.
මම කිසිත් නොකියමි. සැබැවින්ම සිතුවිලි ශුන්‍යය වී ඇත. අම්මාට විරුද්ද වීමට තරම් වත් උවමනාවක් නොදැනේ.
"අපි දූට වරදක් කරන්නෙ නෑනේ දුවේ..." අම්මා තවත් මට ළං වී, මා හිස අත ගායි. අම්මගේ උණුහුම් අත හිස මත පතිත වනවාත් සමගම, හිම කඳු දියව යන්නාක් මෙන් දින සති ගණනක් හිරව තිබූ සුසුමන් කඳුලු, අනෝරා මහා වැස්සක් මෙන් කාමරය දෙවනත් කරමින් පතිත කරවූයෙමි. ඇළ පාරක මග හරස් කොට තුබූ ගල් කුලක්, අනේක විද උපායෙන් කඩා බිඳ දමා ගත නොහැකිව, සැනෙන් අමුතු බලවේගෙකින් පුපුරවා හලෙක් මෙන්, සිරව තිබූ දුක් සිතුවිලි දිය දහර, ගල් කුලෙන් එහා වූ සංවේදන නැමැති ගම් දනව් යටකරගෙන ඔහේ ගලා යන්නට විය. දුක සියල්ල කඳුලු වල දිය වී දෙනෙත් වලින් ද සුසුම් වලට වාශ්ප වී පපුවෙන්ද, පිට යනු මට දැනෙයි. අම්මා මා තුරුල් කර ගත්තාය.
"අඬන්න එපා මගෙ දුවේ..." අම්මගේ වචන වල කඳුලු රසයක් ගැබ්ව තිබෙනු මට දැනිනි.
*****
ජයමංගල ගාථා මැද මම පෝරුවෙන් බැස්සෙමි. නැත. අපි පෝරුවෙන් බැස්සෙමු.

Friday, April 13, 2018
නිර්නාමික xviii
මට හැමදේම හීනයක් වගේ. ජීවිතේ කවදාවත් නොහිතුව නොපැතුව දේවල් එක පිට එක සිද්ද වෙනකොට මටම තේරෙන්නෙ නෑ මම මොනවද කරන්න ඕනෙ කියල.
අම්ම මාව දාල ගිහින් හත් දවස උණේ මට විභාගෙ ලියන්න තිබිච්ච දවසට. එදා මේධානි ඇවිත් ඉඳපු විත්තියක් මට ආරංචි උණා. මේධානි විභාගේ ලිව්වත් උදේ අසනීප වෙලා ආපහු යන්නත් හැදුවලු. ඒත් යාලුවො කතා කරල තියා ගත්තලු. මට ඒ ගැන හිතන්න තරම් හයියක් හිතේ තිබ්බේ නෑ.
මම ගොඩාක් ඇඬුවා. මට හිටියෙ අම්ම විතරයි. දැන් මට කවුරුත් නෑ. ඒත් මම ජීවත් වෙන්න ඕනෙ.
විභාගෙත් අත ඇරල දාල ජීවිතෙත් අත ඇරල දාල වෙච්ච හැම දේකින්ම හෙම්බත් වෙලා ඉද්දි, තවත් මම ජීවත් වෙන්න ඕනෙ කියල මට ඔලුවට දැම්මෙ, මේධාලංකාර හාමුදුරුවො. අම්මගෙ මළ ගෙදරට මේධාලංකාර හාම්දුරුවො වැඩිය වෙලේ මට දැනුණේ සෝපාක ගාවට බුදු හාමුදුරුවො වැඩිය වගේ. උන්වහන්සෙ මම දිහා බලාන හිටියා. දවස පුරාම අම්මගේ මිනිය දිහා බලාන හූල්ලපු මට මොකද්දෝ සැහැල්ලුවක් දැනුනෙ මගෙම කියල කෙනෙක් මගෙ ගාවට ආව වගේ දැනුන නිසාද කොහෙද. තනියට අම්ම විතරක් හිටිය මට, උදේ පාන්දර හීතලේ චීත්තයක් පොරවන් මිදුලෙ රටා අතුගාපු, අඹ අහුලල ඒව කපල අච්චාරු දාල මම ඒව මූණ ඇබුල් කර කර කනකොට ආසවෙන් මගේ දිහා බලාන හිටපු, බඩට නොකා මට කන්න අල බතලයක් හරි තම්බල මම ඉස්කෝලෙ ඇරිල එනකල් බලාන හිටපු, මම හිතින් වැටිච්ච වෙලාවට දුක හිතේ තියාන නො ඉඳ අඬපන් කියල කියපු, දුක කඳුලු කරන්නැතුව වචන කර කරපන් කියපු, අම්ම ඉස්කෝලෙ නොගියට මාව උඩට ගෙනියන්න නොවිඳිනා දුක් විඳපු මගේ අම්මව මතක් වෙනකොට හිත කඩාන වැටෙන්න උණා, හැම වෙලේම. ඒ මහා දුක් කන්දරාව මහා මේරු පර්වතයක් වගේ දැනෙන වෙලාවෙ, ඒ දුකට පිහිටක් වෙන්න ආව මහා මුණිවරයෙක් ගානටයි, මට මේධාලංකාර හාමුදුරුවොන්ව පෙනුනෙ.
"තිවංක... දැන් දුක් වෙලා තේරුමක් නෑ. ඔහොම තමයි. අපි හිතන දේවල් හිතන විදිහට නොවෙන එක තමයි මේ ලෝකෙ හැටි. ඉස්සර තිවංකම මගෙන් අහන අනාත්මය තමයි මේ. කිසිම දෙයක් අපිට ඕනෙ විදිහට වෙන්නෙවත් කරන්නවත් බෑ දරුවො."
මම මුකුත් කිවේ නෑ. ඔය අනාත්මය මට තේරිල තිබුණ උණත්, ඒ අනාත්මය කොහොමද දරාගන්නෙ කියන එක මට තේරිලා නෙවෙයි තිබුණේ. ආදරේ කියන්නෙ වවාගෙන කන්න පුලුවන් මාතෘකාවක්. ආදරේ ගැන ඕන කෙනෙක්ට ඕන විදිහකට ලියන්න කියන්න පුලුවන්. මට උණත් එච්චරයි. ඒත් තමුන්ට මේ ලෝකෙ කවුරුත් ඉතුරු වෙලා නෑ කියල දැනෙන වෙලාවට කොයි තරම් ලොකු බර කතන්දර කියන හිතක් උණත් අසරණ වෙනවා කියන එක මට සහමුලින්ම තේරුණා.
"තිවංක දැන් ඉගෙන ගන්න ඒව කඩාකප්පල් කර ගන්න කාරි නෑ. මම දැන් වැඩ ඉන්නෙ රත්නපුරේ රජතවනාරාම කියන පිරිවෙනේ. මේ කටයුතු අහවරයක් කරල තිවංක යමු පන්සලට මා එක්ක. එහෙ ගිහින් ඉතුරු හරිය ඉගන ගන්න බැරිය"
මේධාලංකාර හාමුදුරුවො කොහේදෝ අනන්තයක් දිහා බලාන කිව්වෙ. මම උන්නාන්සෙ දිහා බලාන හිටියා. උන්නන්සෙ එහෙම කියල ටික වෙලාවක් එහෙම්ම හිටියේ මොකද කියන්න මට තෙරුණේ නෑ. ඒත් එක්කම ආයෙත් මම දිහාබලල උන්නාන්සෙ ආපහු වඩින්න හුනස්නෙන් නැගිට්ටා.
මම මේධාලංකාර හාමුදුරුවන්ට වැඳ වැටුනා යන්තම් මතකයි.
*****
අම්ම නැති දුක හිතින් තුනී වෙන්නෙ නැති වෙයි කවදාවකවත්. අම්ම විඳපු දුක අමතක වෙන්නෙ නැති තාක් කල් ඒ දුක මගෙ හිතින් තුනී වෙන්නෙ නෑ. හත් දා බණක් කියල අහල පහළ නැන්දලගෙ මාමල උදව්වෙන් පන්සලට දානයක් පූජා කළා. අන්තිමේ මම විතරක් ගෙදර ඉතුරු උණා. කරන්න ඕනෙ මොනාද, මින් ඉස්සරහට වෙන්න ඕනෙ මොනාද කියල හිතන්න මට ඕනෙ උණා. අම්මට ඕනෙ උණේ මම ඉගෙන ගන්නව දකින්න. හොඳ මනුස්සයෙක් වෙනව දකින්න. අන්තිම කාලෙ මේධානිගෙයි මගෙයි කතන්දර නිසා අම්ම හිතේ අමාරුවෙන් හිටියෙ, නොකිව්වට. අම්මගෙ මරණෙට, නොකිව්වට, මාත් වැරදි කාරයෙක් කියල හෘද සාක්ශිය කියනව මට දැනෙනවා. මම ඒ සිතුවිල්ල මග අරින්න මොනවම හරි වෙන දෙයක් හිතනවා.
අන්තිමේ මම හිතුවේ මේධාලංකාර හාමුදුරුවො හොයාන ඒ පිරිවෙණට යන්න. ඊට කලින් මේධාට කියල යන්න ඇත්නම්... මම හිතුවට ඒක ලේසි නෑ. මේධානි විභාගෙ දා හවස අම්මගෙ බණට හොරෙන් එන්න හැදුව විත්තියක් මට ආරන්චි උණා. ඒක අම්මල දැනගන ආයෙ මේධානිට හොඳටම ගැහුවලු. මේ යන්න හදන ගමන ආයෙ කවදාක මේධානිව දකින්න ලැබෙයිද කියන්න දන්නේ නෑ. ඒ නිසා යන්න කලින් අඩු තරමේ මූණවත් බලන්න තිබ්බොත්...
මම සේරම දේවල් මල්ලක දා ගත්තා. පොත් පත්, ඇඳුම්, හැම දේම. මට කියල වෙන මහා දේවල් තිබුණෙ නෑ. අම්මගෙ චීත්තයක් අරගත්තෙ අම්මව මතක් වෙන්න කියල. චීත්තයක් නොගත්තත් අම්මව අමතක වෙන්නෙ නැති එක ඇත්තයි. ඒත් අම්ම මගෙ ළඟින් ඉන්නව වගේ දැනෙන්න මම චීත්තෙකුත් මල්ලට දා ගත්තා.
මම පිටත් උණා. ආයෙ කවදා කොහොම මොනව වෙයිද නොදැන මම පිටත් උණා.

Friday, February 16, 2018
ටෙලි කලාව හා කූඹියෝ
ඉන්දියානු ටෙලිය ලංකාව ආක්‍රමණය කලේ, මට මතක විදිහට, සිරස ටීවී එකේ හඬ ගන්වා විකාශය කළ "ශාන්ති" කියන ටෙලියෙන් පටන් අරගන. මම වැරදි නැත්නම් ඒ 1996 සිට 1997 කියන අවුරුදු වෙන්න ඕනෙ. "මන්දිරා බේදි" කියන ඉන්දීය සිනමා නිළිය ලංකාවෙ මිනිස්සුන්ගෙ හිත් අස්සට රිංගගත්තෙ, ඒක ඒ කලෙ අලුත් අත්දැකීමක් නිසා වෙන්න ඇති. ඒත් මම දකින විදිහට ඒ ශාන්ති ගෙන් පටන් ගත්තු ඉන්දීය සිනමා කළාව ලංකාවට මේ වෙනකොට පිළිලයක් වෙලා හමාරයි.
ශාන්ති, ප්‍රගති, සුජාතා, පාරමී, එක අහසක් යට දී, මහ ගෙදර, චිත්ති, ප්‍රවීනා ආදී එකී මෙකී නොකී ඉන්දීය ටෙලි නාට්‍යය ගණනාවක් මේ වෙනකොට සිරසෙන් පමණක් බිහි වී තියනවා. (මේ වීඩියෝ ටික බලන්න. පරන මතක අලුත් වෙන්න )
පස්සෙ පස්සෙ මේ රැල්ලට එකතු උණා දෙරණ, හිරු ටීවී වගේ ප්‍රධාන නාලිකාවනුත්. ජාතික රූපවාහිණියත් ස්වාධීන රූපවාහිණියත් මේ රැල්ල හදන්න උත්සහ කළේ කොරියන් නාට්‍යය හඳුන්වා දෙමින්. ඒත් ඒව ඉන්දීය නාට්‍යය තරම් මිනිස්සුන්ව අල්ල ගත්තෙ නැත්තෙ, කොච්චර උණත් ලංකාවෙ මිනිස්සුන්ගෙත් ඉන්දීය සම්භවයක් ගෑවිලාවත් තියන නිසා වෙන්න ඇති.
කොහොමින් කොහොම හරි දිය කැට පහන, දඬුබස්නාමානය, පළිඟු මැණිකේ, චරිත තුනක්, නෑදෑයෝ, දූ දරුවෝ, සත් පුර වැසියෝ, බෝනික්කෝ, රතු රෝස, ඉන්ගංමාරු කතා, අසල්වැසියෝ, සෙනෙහෙවන්තයෝ, දුන්හිඳ අද්දර වගේ ලංකාවෙ ටෙලියනුත් බිහි උණා වගේම පස්සෙ ඒවා පසු බෑමකට ලක් උණා. ඒ පසු බෑම කොහෙන් කොහොම ඇති උණාද කියන්න දන්නෙ නෑ.
මේ වගේ ගමනක් ඇවිත් අවසානයේ මෙගා නාට්‍යය කියන කලාව ලාංකීය ටෙලි සංස්කෘතිය ඇතුලට මුල් බැහැ ගන්න පටන් ගත්තා. මුලින්ම බිහි උණ මෙගා නාට්‍යයක් තමයි "වසූදා". ඒකෙ මම දැක්ක දේ තමයි ඉන්දීයානු ශෛලියට වේශ නිරූපන, ඉන්දියානු ශෛලියට ලංකාවෙ නලු නිලියන් රඟ දක්වන ආකාරයක්. ඒක ඊටත් වඩ කැපී පෙනුන තැනක් තමයි "කිඳුරංගනා" කියන ටෙලිය. ඉතින් ඒ නාට්‍ය වලට පහරක් එල්ල කරන්න වගේ ස්වාධීන රූපවාහිණිය බට්ටි, පබා, පබලු වගේ ටෙලියන් එළියට දැම්ම. හැබැයි ඒ කලාව අද වෙනකොටත් අඩු වැඩි විදිහට විවිධ නාළිකාවල විකාශය වෙනවා.
ඇයි මම මේ නාට්‍ය ගැන කතා කරන්නෙ? ටෙලිනාට්‍යය කලාවක් බිහි වෙන්න කළින්, ගුවන් විදුලි නාට්‍ය තුලින් ප්‍රෙක්ශකයන්ට ඉතා ඉහල රසාස්වාදයක් දෙන්න හැකියාවක් තිබ්බා. ඒ නාට්‍යය කලාව තුලම තිබුණ දෙයක් තමයි පරිකල්පන හැකියාව දියුණු කරන එක. ශ්‍රව්‍යය මාධ්‍යය, ශ්‍රව්‍ය හා දෘශ්‍ය විදිහට කලාවට එනකොට ඒ පරිකල්පන හැකියාව තරමක් දුරට අඩු උණත්, කුතුහලය තුලින් ඒ පරිකල්පන හැකියාව තරමක් දුරට රඳවා ගන්න පුලුවන් උණා. ඒක පරණ නාට්‍යය ගැන කතා කරන ඒව බලපු අයගෙන් තේරුම් ගන්න පුලුවන්. ඒත්, මෑත කාලයේ ගත්තම, ඒ වගේ කුතුහලයක් ඒ නාට්‍යය වලින් පෙනුනේ නෑ. පළවෙනි එපිය බැලුවට පස්සෙ අන්තිම එපිය ගැන අනුමාන කරන්න හැකියාව ගොඩක් නාට්‍යය වල තියනව. අනික ඒවා දින පතා විකාශය වෙන නිසා කුතුහලයක් කියල දෙයක් තියෙන්න දෙයක් නෑ. ඒ ඇතිවෙන සුලු කුතුකුතුහලයක් උනත් පැය විසිහතරක් ඇතුලත නැති වෙනව කියල ප්‍රේක්ෂක විඥ්ඥානය තේරුම් අරන් තියනවා. ප්‍රේක්ෂකයා අවිඥ්ඥානිකව, ඒ කුතුහලය තුලින් පරිකල්පනයට යන රසාස්වාදයෙන්, ලල් එකක් නොලබන තැනටම මේ වෙනකොට පරිනාමයට පත් වෙලා තියනවා.
අන්න ඒ වගේ යුගයක තමයි කූඹියෝ කරලියට බහින්නෙ. බාල මහලු තරුණ සෑම දෙනෙක්ම වාගෙ අද වෙනකොට උන්මාදයකට ඇදල දාන්න තරම් හැකියාවක් කූඹියෝ ටෙලියට හැකියාව ලැබිල තියනවා.
සතියකට දින දෙකක් විතරක් විකාශය වීම නිසා අර කුතුහලය තුලින් ගොඩනැගෙන පරිකල්පනය 100% සාර්ථකව මෙතනදි ගොඩ නැගෙනවා. ඒකට මුහුණු පොතේ තියන කූඹි ගුල ෆෑන් බේස් එක සාක්ශි දරාවි. හැම නාට්‍යයකටම ඒ පරිකල්පනය දියුනු කරන හැකියාව නෑ. නොහිතන අතු රැසක් ඔස්සේ හිතන්න අවස්තාව කූඹියෝ කතාව ඇතුලේ ගැබ් වෙලා තියනවා. මුලින්ම මෙගා නාට්‍යය ගැන බිහි උණ තර්කය තමයි, දිනපතා විකාශනය උණේ නැත්තම් කලබලකාරී ප්‍රෙක්ෂකයට ඒක අසාදාරණයක් කියන එක. වක්‍රාකාරව මේ එල්ල කලේ ප්‍රේක්ශකයගේ පරිකල්පනය හා රසාස්වාදය බාල වෙලා කියන එක. ඒත් ඒක එහෙම නෑ කියන එක කූඹියො ඔප්පු කළා. කොච්චර කාර්යබහුල සමාජයක් උණත් රසාස්වාදය හඳුනනවා. ඒ වගෙම තවමත් පරිකල්පන ඉහලින්ම තියනවා කියන කූඹියො එක පිට ඔප්පු කරල හමාරයි. සමාජයට කූඹියෝ එළියට එන්නෙ කූඹියෝ වගේ ටෙලියක අවශ්‍යය තාව තදින්ම තිබුණ වෙලාවාක. කුඹියෝ නිසා රූපවහිනී නාට්‍ය වලින් බැහැර වෙලා හිටපු නව පරපුර ලාංකීය රූපවාහිනි ටෙලි කලාවට වහල් උණා. (කලාවට වහල් උණාටත් වඩා මෙතනදි උණේ කූඹියො කියන නාට්‍යයට වහල් වෙන එක ). How I met your mother, Big-Bang Theory, Game of Thrones, Six Feet Under, Brooklyn Nine Nine බටහිර මාලා නාට්‍ය වලින් මොහොතකට හරි මිදිල දේශීය දේකට බඳවා තියා ගන්න හැකි උන ලකා ඇතුලු පිරිස ගත්ත උත්සහය අති සාර්තකයි.
ඉතිං කූඹියෝ ටෙලිය උච්චතම අවස්ථාවකට ඇවිත් ඉන්න මේ මොහොතෙ මම හිතන්නෙ, කූඹියෝ වගේම තවත් හොඳ නාට්‍යයකට එන්න දැන් කාලෙ හරි. නැත්තම් ඒ වගේ උසස් පරි කල්පනයක ඉඳල ආයේ මේ ආදරයයි, ශිවන්යා වගේ ගොබ්බ (සමාවෙන්න ) මට්ටමකට වැටුනොත්, ඒ කම්පනය කූඹියෝ රසිකයොන්ට දරා ගන්න බැරි වේවි.
Thursday, February 15, 2018
තවත් එක කවියක්
සැඟ වී වන සිරස් කොනෙක
සියුමැලි මුදු සොඳුරු මලෙක
ඇති සුවඳේ රැඳුනු මෙලෙක
කොහොමට පවසමිද කවෙක
රසයකි නෙතු පිනන කමල
පැහැසර දිලි දසුන නිමල
පිපි හද විල සරන අකල
හද සනහන සිහින අමිල
සිහිනෙත් නෙතු තුලට වැදී
නුඹ මගෙ මුලු ලොවම යදී
මගෙ හිත නුඹ ළඟම රැඳී
මම කොහොමද ඉන්නෙ මිදී
Saturday, February 10, 2018
නිර්නාමික xvii
මේධානි සිය දරුවා උකුළෙහි රුවා හිඳින්නීය.
"අකලංකත් මේ කතාව මොකට හාරාවුස්සනවද මන්ද...!"
"මම දන්නව මේධානි. පරන දේවල් අවුස්සන්න ගියාම හරියට මළමිනියක් ගොඩ දානව වගේ දෙයක් කියල. ඒත්... මුල ඉඳන් ඇහුව කතාව ආයෙ මග නවත්තන්න හිතෙන්නෙ නෑ"
"හ්ම්ම්. ඉතින් තව මොනාද දැන ගන්න තියෙන්නෙ...!"
"ඉතින් ඊට පස්සෙ වෙච්ච දේ කියන්න."
මේධානි සිය දරුවත් සමග නැගිට්ටාය.
"අකලංක මොනවද බොන්නෙ?"
"මුකුත් එපා. කරදර වෙන්න එපා. මම ආවෙ මේධාගෙන් කතාවෙ ඉතුරු ටික අහන්න"
යළිත් මේධා දරුවාද තුරුල් කර හිඳ ගත්තාය. ඈ දරුවා දෙස බලා සිටින්නීය. ඇයට තව තවත් බල කිරීමට මටද සිත් නොදේ. කතාව කීම හෝ නොකීම ඇගේ අයිතිය ය. මම යළිත් මේධා - තිවංක පෙම් පුවත ගැන නො අසමියි ඉටා ගතිමි.
"මගේ අතට දෙනවද දරුව... ටිකක්..." මම මේධාගෙන් ඇසුවෙමි.
"ඔයාට පුලුවන්ද?"
"මොකෝ බැරි... දෙන්නකො..."
මම මේධානිගේ පුතු, සීරුවෙන් තුරුලට ගතිමි. මේධා නැවතත් පුටුවට බර වූවාය. ඈ සුසුමක් හෙලා දෙනෙත් පියා ගත්තීය.
මේධානිගෙ පුතු සිය සැමියාගේ මුහුන අංගයක් නෑර විද්‍යාමාන කරයි. මම සුරතල් පුතුන් නැළවීමි.
"අකලංක... එක අතකට ඔයා මගෙන් මේ දේවල් අහන එක හොඳයි. නොකිව්වට, මෙ කතාව ඔයාට කියන එකෙන් මගෙ හිත ගොඩක් සැහැල්ලු වෙනව." මේධානි දෙනෙත් පියාන කීවාය.
"ඒත් මට බල කරන්න අයිතියක් නෑනෙ" මම කීවෙමි.
"අකලංක, මට දෙයක් තියනව අහන්න. මම තිවංකට පොරොන්දු උනා මේ ප්‍රශ්ණෙ කවදාවත් කාගෙන්වත් අහන්නෙ නැහැයි කියල. ඒත්... මට අහන්න වෙනව..."
"ඉතින් අහන්න." මම කුකුසෙන් යුතුව මේධා දෙස බැලුවෙමි. සිය දරුවා සමග නිදි වැරීමෙන් ඈ තව තවත් කෘශ වී ඇති සෙයකි, ඇය වෙතින් දිස් වූයෙ. දරුවා මා අතට දීමෙන් ඈ මිනිත්තු කීපයක හෝ නිදහසක් ලැබූ බැව් ඇගෙන් පිටව ගිය සුසුම් දැක මට පසක් විය. "මොකද්ද මේධට ඔය හැටි අහන්න තියන ප්‍රශ්නෙ?"
"මම අහන්නම්. ඊට කලින් මගෙ කතාව කියන්නම්... "ඈ තවමත් පුටුවට බරව දෙනෙත් පියාන සිටී. ඒ අතීතය මෙනෙහි කරනවා විය යුතුය. ඇගේ කොපුලත් දෙතොලත් වරින් වර අමුතුවෙන් වෙව්ලනු මම දුටුවෙමි. ඇය සිත තුල ගලා යන සිතිවිලි දහරාවන් මුහුණ නැමැති කැඩපතෙන් එළියට පනින සෙයකි. මම ඇගෙ හැඟිම් කියවන්නට වෙර දැරීමි. ඈ සිටිවනම සිය කතාවෙහි ඉතිරිය දිග හැරීය.
*****
තිවංකට, තිවංකගෙ වචන වලට, අදහස් වලට මම ආදරය කළෙමි. මගේ කතාව තවත් එක් හුදු 'බොළඳ ආදර කතාවක්' වන තරමටම මම ආදරෙන් විඳවීමි. එදයින් පසු යළි මම පාසල් නොගියෙමි. රම්‍යා මිස් වත්සලා අත පණිවිඩයක් එවා තිබුණේ විභාගය අවශ්‍යය ලිය කියවිලි රැගෙන යන ලෙස කියමින් ය. ඉදින්, යළිත් වරක් හෝ තිවංක දැකිය හැකි යැයි සිත තුටින් පෙලුනු මුත්, අම්මා සමග පසු දින උදයෙම පන්තියටවත් නොගොස්, විදුහල්පති කාර්යාලයේදීම සියල්ල නිම කොට ගෙන ඒමට සිදු විය. ඉතින් තිවංක දැකීමට තිබු අවසන් අවස්ථාවද මග හැරිණි.
දින සති බවට පෙරළෙමින්, සති මාස බවට පෙරළෙමින් විභාගය කෙමෙන් ළඟා විය. විභාගය ලියමිද නො ලියමිද සිතමින් සිත් මඩෙ රුවා ලූ ඉන්නක් මෙන් වැනෙයි. අම්මා හෝ අප්පච්චි ට මම විභාගය කළත් නොකළත් කම් නැති ගානය.
කෙසේ හෝ, මම විභාගයට ගියෙමි. ඒ අන් කිසිත් නිසා නොව, තිවංක බැලීමටය. පාසල නුහුරු තැනක් ගානය. මහා කාලයක් නොවුනද, පාසල මට නුහුරුය. පන්ති කාමරය මට නුහුරුය. තවමත් කිසිවකුත් පැමිණ නැත. අම්මා මා කැටුව ආවාය. ඈ ගේට්ටුව අසල කීය හෝ වන තෙක් මා එන තුරු සිටින බව මම ඉඳුරාම දනිමි. සුපුරුදු ලෙස පන්තියට ගොඩ වී හිඳගතිමි. තිවංකත් මාත් ඉගෙන ගත් හදවතේ කොටස් නම් කළ හදවතේ පින්තූරය තව දුරටත් බිත්තියෙහි නොවීය. මා වට පිට බැලුවේ ඒ වෙන තැනක හෝ එල්ලා ඇත් දැයි සැක හැර දැන ගැන්මටය. එහෙත් එය පෙනෙන තැනක නොවීය. මගේ හදවත මා තුල නැත්තාක් මෙන් දැනෙන්නට විය.
තිවංක දන්නව ඇති ඒකට මොකද උණේ කියල. තිවංක කැඩුවත් දන්නෙ නෑ.
මට මහා දුකක් දැනුණි.
ළමුන් එකා දෙන්නා පාසලට එනු පෙණිනි. ස්වර්ණාත් කාංචනාත් මා දැක ඉක්මනින් පන්තියට දුවගෙන ආහ.
"මේධා... මොකද කෙල්ලෙ මේ උණේ...?" කාංචනා මා අසල හිඳගනිමින් ඇසුවාය.
"මන්ද කාන්චනා. මට තේරෙන්නෙත් නෑ!"
"උඹ මළගෙදරවත් ගියාද බං?" ස්වර්ණා මගෙන් ඇසීය.
මම ගැස්සී ඇය දෙස බැලුවෙමි.
"මළගෙදර? කාගෙද?"
"අනේ...! උඹ මේව දන්නැද්ද කෙල්ලෙ?" ස්වර්ණාත් කාංචනාත් මුහුණෙන් මුහුණ බලා ගත්තාය. මට මා ඉදිරියේ ලෝකය අඳුරු වී යන සෙයක් පෙණිනි. හිඳ සිටි අසුනෙන් ගිළිහී පොළොවට ඇද වැටෙන්නාක් මෙන් යාන්තම් මතකය.

Subscribe to:
Posts (Atom)