ඉඳහිටක මට හිනැහෙන
ආයෙ හිතුනම සැඟවෙන
අනේ මට නම් නොතේරෙන්නෙම
නුඹෙ දඩබ්බර ප්‍රේමය
දුකක් හිතුනම පරවෙන
යළිත් මොහොතින් පිබිදෙන
මඩෙන් එසවුණු නෙලුම් කැකුලක්
වගේ නුඹගේ ප්‍රේමය
විටක මගෙ හිත රිද්දන
ආයෙ හිත පිරිමද්දන
මහා අමුතුම හැඟීමක් මට
නුඹෙන් ඉතිරෙන ප්‍රේමය
පුළුන් මේකුලු දවටන
හිටිහැටියෙ වැහිබර වෙන
අහස තරමට විසල් හැඟුමක්
නුඹෙන් ලබනා ප්‍රේමය

