ඉනික්බිති මම බොහෝ රැය වල කඳුලු හැංගුවේ මධුවිතකය
ගිණි පුළිඟුවෙන් දවාලූයේ දුම් වැටිම නොව, ඒ මගේ හද චිතකය
දන්නවද, නුඹ බඩ පිනුම් හැහුවේ එහෙව් විඳවන හදවතකය
සොඳුර නුඹ වී හමාරය අද, මම අමතක කල යුතුම අඳුරු මතකය!
ඉනික්බිති මම බොහෝ රැය වල කඳුලු හැංගුවේ මධුවිතකය
ගිණි පුළිඟුවෙන් දවාලූයේ දුම් වැටිම නොව, ඒ මගේ හද චිතකය
දන්නවද, නුඹ බඩ පිනුම් හැහුවේ එහෙව් විඳවන හදවතකය
සොඳුර නුඹ වී හමාරය අද, මම අමතක කල යුතුම අඳුරු මතකය!
නිමිත්ත: සිය සැමියා (මන්ථිල) ගේ හොර අඹුව ගැන කතරගම දෙවියන්ට බාර වූ අපර්ණා අමතා තේවානි අම්මා මෙසේ කීවාය.
කදිර ළඟ පාමුලේ නුඹ වැටී උන්නාය
මාත් වම් උකුල උඩ බලාගන උන්නාය
මන්ථිලගෙ හොර අඹුව ගැන කියාපින්නාය
අපර්ණා! නුඹ අසා මට කඳුලු පැන්නාය
පලමුවෙන් කියන්නට ඕනෙ නංගියේ මම
තේවානි වෙමි, නුඹත් අහල ඇති මගේ නම
හිතනවා ඇති මමත් කතා කල කරුන කිම
මටත් දුක තියනවා තද කරන් හදේ ඉම
අපර්ණා දන්නවද, කාලයක් ඔය වගේ
මාත් තනි යහනතක හීල්ලුව හැටි නගේ
වල්ලිටත් කරුම නම් ගෙවන්නම ඇති ඇගේ
ඒත් අපි තාම එල්ලිලා කදිරගෙ ඇඟේ
සත්තමයි වඩා මට මැරි මැරී උපදින්න
දසස් වර හිතිල ඇති ගං පතුලෙ මියැදෙන්න
වල්ලි, ළඟ දැක දැකත් කදිර තුරුලේ ඉන්න
නංගියේ ලේසි නෑ හිත හදන් සෙත් දෙන්න
උඹල අපි පෙරුම් පිරුවට මැරෙන තුරු ඉන්න
පිරිමි හිත් එහෙම නැතුවැති, අපිට තේරෙන්න
හැටි තමයි හැමදාම කඳුලු වල දියවෙන්න
ගෑනු අපි උපන් හැටි, හිත දුකට කර සින්න
මන්ථිලගෙ හොර අඹුව ගැන කිව්ව දුක මෙදා
කදිරටත් දැනුන වාගෙයි වරද උන සොඳා
නුඹේ දුක අහන් හිටි හින්ද අහකට නොදා
නුඹට උපකාරයක් දේවි ඔහු, බාගදා
වතුර නැතුවම වියලි කතරක මල් පිපෙන එක පාපයක්
අමාවක රෑ පාලු අහසක තරු පිරෙන එක සාපයක්
සුසුම් හඬලන හිතක ඉකියත් එළිවැටක් නැති ගීතයක්
මිතුර ඈ හිමි නොවන බව දැන බලාහිඳුමත් ප්‍රේමයක්
කෑල්ලක් කැපුවොතින්
කිව හැකිද
ආදරේ මගෙ කිලෝ කීයද
පිකෝමීටර් ගානට
විස්ථාපනය මනින්නට
බැරි තරම් කිට්ටු බව
දන්නවද නුඹ
හදවතට දුර
තප්පරෙන් බිඳක් වත්
ඉන්නකොට ළඟ
කෙල්වින් කීයකට
උණුහුමක් දැනෙනවද
කියන්නට පුලුවන්ද
කැන්ඩෙලා දහසකට
වැඩිය වැඩි එලියකට
උපත දෙනවා
නුඹේ ඇස් දෙක
හෙලන එක බැල්මක
මවුල ගානක
සුසුම් අංශුම
කොච්චරක් හෙලුවද
සරුවාංගෙම අලු දුහුලි කරනවන
ඇම්පියර් ගානක
විදුලියක් නුඹ
හිසෙන් විත් දෙපතුලෙන්
භූගතව යන
කෝවලන් මාධවී තුරුල් වී නිදපු දින
නිදිවරපු සිරි යහනෙ මතක නො නැගුණිද පැන
පඬි රටම අවුලන්න වම් තනේ කඩපු තැන
කන්නගී, අපරාදෙ නොහිතුනිද තනේ ගැන
කෛලාශයෙන් පිටවෙමි
රක්තබීජ ගෙල සිඳලමි
අසුර කැල පලවාලමි
නොමළොතින් නුඹ වෙතට යළි එමි
හඳ පළුව නුඹ හිසේ රඳවමි
වාසුකී ගෙල වටා දවටමි
දන්නවද ඊශවර,
යළිත් මම කාලි වෙස් නොගනිමි...!