Sunday, November 13, 2022

නිදහස්

 හදවතේ කවුලුවට එපිටින්

අතීතේ මතක සුවහස්


පුලුස්සා අලු දූලි සුළඟට

ගසාගොස් හිත කර හිස්


මතක අලු වල පතුලෙ අතුරා

නොපෙනෙන්න පුරවා පස්


ඉතින් ප්‍රේමිය අවසරයි දැන්

නුඹ නිදොස් කොට නිදහස්





No comments:

Post a Comment