Tuesday, November 15, 2022

පිහිතුඩෙන්

 විරහව ගැන පිරිමි හිතකට ලෝකෙට කාගහල කියන්න පුලුවන් ලස්සනම විදිහ මොකද්ද කියල කවුරුහරි මගෙන් ඇහුවොත් මම පෙන්නන්නෙ මේ පද පේලි ටික.

මමයි උඹෙ ඇස්දෙකේ මේ හැටි විඩාබර දුක් කඳුලු මැව්වේ
උඹයි මම ඒ කඳුලු පිසලන මොහොතෙදිත් මට එහෙම කිව්වේ
මගෙත් හිත මොනතරම් රිදුනද මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ 
උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

දැවෙන චිතකය විරහ ගිනිමැද මමයි නිතරම උඹව හෙව්වේ...
රිදෙන බව දැන දැනම අපමණ උඹයි හදවත සියුම් තැන්වල
පිහිතුඩෙන්...  පිහිතුඩෙන් ආදරේ ලිව්වේ..

දැවෙන චිතකය කඳුළු පිනිඉස මමයි ඇවිලෙන ගින්න නිව්වේ...
මතකවල සුසුමන්  දරාගෙන උඹයි හදවත සියුම් තැන්වල
පිහිතුඩෙන්... පිහිතුඩෙන් ආදරේ ලිව්වේ...

කෙනෙක්ට පුලුවන්ද එහෙම කරන්න? ආදරේ කියන සුන්දර හැඟීම පිහිතුඩකින් දෙනකොට දනෙන වේදනාව මොන වගේද? ඒක මම කියන්න ඕන්නෑ. අහන්න! අමුවටම අහන්න පුලුවන්. ඊට වඩා මම කියන්න යන්නෑ. කියන්න දෙයක් නෑ. ඔයාටම දැනෙයි!



ගායනය, තනුව, සංගීත සංකලනය - සංජීව් ලෝන්ලියෙස්  

වචන -  ඩිල්ශාන් පතිරත්න


No comments:

Post a Comment