ජය මංගල ගාථා මැද අපි පෝරුවෙන් බැස්සෙමු.
අචින්ත නිළමේ ඇඳුමකින් සෑරසී හුන්නේය. ඔහු මට ආදරය කරනවා විය යුතුය. එහෙත්, කිසිදාක නොහඳුනන පුද්ගලයෙක්ට එක්වරම ආදරය කරන අයුරු කෙසේද යන්න සිතා ගැන්මට මම අපොහොසත් වීමි. තවමත්, තිවංක මගේ සිහින වල සැරි සරයි.
මංගල දිනය ඔහේ තෝන්තු මාන්තුවෙන් ගත වූවා මතකය. මම නොහෑඬුවෙමි. අම්මා හෝ අප්පච්චි අතැර යාම දුකක් නොවේ. ඔවුන් කෙරේ අල්පමත්‍රයක වෛරයකුදු මසිත නොවේ. නමුත්, මා මනාලියක වන මොහොතේ හිතින් මැරී උන්නෙමි. යළිත් ජීවය දිය නොහැකි තරමට මම මිය ගොස් සිටියෙමි.
*****
"අචින්තට වෙනසක් දෑනුනෙ නැද්ද?" මම මේධානිගෙන් ඇසුවෙමි.
"මොකො ඒ මනුස්සය කියල. දැනෙනව. ඒත්, හිතින් මෑරිච්ච මම මූණිච්චාවට හිනා වෙවී කොච්චරක් කියල ඉන්නද, අකලංක?" මේධානි සුසුම් ලෑවාය.
"මට තේරෙනවා" මමද නිහඬ වීමි. මේධානි හා තිවංක පාසලේ සිටම, හදවත් වල වපසරිය ඡේදනය කොට ගන්නට වෙර දැරුවත්, ඒ ආදර කතාව තවත් එක ආදර කතාවක් වී අතීතයට එක් වී හමාරය. "මට තේරෙනව. ආයෙත්, මම මේ දේවල් ගෑන මේධානිගෙන් ප්‍රශ්ණ අහන්නෙ නෑ"
"අකලංකට ඕනෙ උනේ කතාවක් ලියන්නනෙ? ඉතින්? ඉතුරු ටික නොදෑන කොහොමද කතාව ඉවර කරන්නෙ?"
"එතනින් එහා මොනවද? ඔයා කසාද බැන්ද. ළමයි ඉන්නවා. ආයෙ මගෙ කතාවෙ අන්තිමේ, මේ මගුල කඩල, තිවංකත් එක්ක ඔයාව හඳපානෙ යවන්න බෑනෙ.?" මේධානිත් මමත් හඬ නගා සිනා සුනෙමු. ඒ, මේ කතාවේ, මේධානි සිනාසුනු පළමු මොහොතය. ඈ දුක පමණක් දැරුවාය. නමුත්, තිවංක ගැන කතා කරන මොහොතක ඈ යම් සතුටක්, වේදනාව තුලින් යම් සතුටක් ලැබුවාය.
"හරි හරි. අකලංකට පුලුවං, ඇත්තට වෙච්ච නැති දේ, අඩු තරමෙ ඔයාගෙ කතාවට වත් දාන්න. නැත්තම් මේධානියි, තිවංකයි පව් නෙ?" මේධානි කිව්වාය.
"එහෙම වැඩක් නෑ. මගෙ කතාව බල්ලට ගියාදෙන්. මේධානිගෙ කතාව මෙතනින් ඉවරයිනෙ. දැන් වෙච්ච දේවල් උණා."
"හරි. එතකොට දැන් අකලංකගෙ ප්‍රශ්න ඉවරද?"
"ඔව්. එතනින් එහා වෙච්ච දේවල් මම දන්නව. අචින්ත එක්ක ඔයා ජීවත් වෙනව. සතුටින් හරි දුකින් හරි ජීවත් වෙනව. වෙන මොනවත් තියනවද?"
"ඇත්ත, වෙන මොනවද?"
"හ්ම්ම්"
"එක දෙයක්, මට අකලංක උදව්වක් කරන්න ඕනෙ?"
"මොකද්ද?"
මේධානි කළබලෙන් මා අසළටම ආවාය. ඈ බොහෝ කළබල ස්වභාවයක් පෙන්නුම් කළාය.
"අකලංක, හැබැයි, මේක අචින්ත අයිය දැන ගන්න බෑ"
"හා... මොකද්ද උදව්ව?" මම වික්ශිප්ත වූවෙමි.
"මට එක පාරක් මුණගස්සන්න තිවංකව"
මම හුනස්නෙන් නෑගිට්ටෙමි.
"පිස්සුද මේධානි. දැන් ඒ කතා ඉවරයි. තිවංකව හම්බෙලා මොනව කරන්නද"
"එයාව එක පාරක් මට හම්බෙන්න ඕනෙ"
"මොකටද"
"බලන්න... කතා කරන්න..."
"ඕනෙ නෑ. නැති ප්‍රශ්ණ ඇති කරගන්නැතුව ඉන්න."
"මට ඕනෙ ඒ මනුස්සයගෙන් සමාව ගන්න, නැත්තම්, මට මෙහෙම විඳව විඳව ඉන්න වෙයි ඉතුරු ටික කාලෙත්"
"හරි... බලමු"
මේධානි යළිත් හිඳ ගත්තාය. දෝතෙහි මුහුණ රුවා හඬන්නට පටන් ගත්තාය.
"හරි හරි. අඬන්න එපා. මම බලන්නම්කො. අනික තිවංක කෑමති වෙයිද දන්නෙ නෑ."
"හරි. අකලංක තිවංකගෙන් අහල කියන්න. තිවන්කව මම අවුරුදු ගානකින් දැක්කෙ නෑ. මොනව කරනවද කොහෙ ඉන්නවද දන්නෙ නෑ. මගෙ හිත කියන්නෙම, මම නිසයි, තිවංකට හැම දේම උණේ කියල. තිවංකගෙ අම්මත් තිවංකට නෑති උණෙ මම හින්දයි. ඒ පව තමයි මම තාම හිතින් මැරීගෙන මම ගෙවන්නෙ."
"එහෙම කියන්න එපා මේධානි. ඔයා කරපු දෙයක් නෙවෙයිනෙ. ඔයාට අම්ම තාත්ත කියන දේට එකඟ වෙන්න උණානෙ."
"ඒක තමයි. අචින්තට බෑ කියල මම අම්මලට බල කළා නම්, මෙහෙම වෙන්නෙ නෑ. මම චපලයි. මම විරුද්ධ වෙන්න පුළුවන් කම තියෙද්දි මෙහෙම කරා කියලයි මට දැනෙන්නෙ. එක්කො, මම තිවංකට මුල ඉඳන්ම බලාපොරොත්තු නොදී ඉන්න තිබ්බ. මම මනුස්සයෙක්ගෙ ජීවිතයක් විනාස කළා කියලමයි මට හිතෙන්නෙ."
"ඒත්, තිවංක දැන් හොඳ තැනක ඉන්නව නම්?"
"ඒක තමයි දෙයියනේ කියන්නෙ. මාව ඒ මනුස්සයව එක පාරක් මුණ ගස්සන්න. මට අඩු තරමෙ වැඳල සමාව ගන්නවත්!" මේධානි තවමත් ඉකි ගසමින් කතා කරන්නීය.
තව දුරටත් ඇය හා ඒ පිළිබඳ කතා කිරීමට තරම් මානසිකත්වය මා තුලද නොවීය.
"හොඳයි. මේධානි, මම යන්නම්. මම තිවංකව මුණගස්වන්නම්. ඒත්, මම හිතනවා, මේක ඔයාට ප්‍රශ්ණයක් වෙන්නෙ නැති වෙයි කියල"
මේධානි ඔහේ ඈත අනතයක් දෙස බලාන හුන්නාය.
මමද, පිළිතුරක් නොමැතිව සිතුවිලි සහසක අතරමංව මේධානිගේ නිවසින් පිටත් වුණෙමි.
මතු සබැඳි
ඊළඟ කොටස පහලින්
නිර්නාමික xxiv
Friday, August 16, 2019
Thursday, February 14, 2019
පේරෙ ගෙවූ දින
හීන අතර හීන් සැරේ උනාම කිට්ටු
හොරෙන් හිනා උනාලු රොබරෝසි පොහොට්ටු
හාදුව මතකද මගෙ හදවත හිරිවැට්ටූ
හැමදාමත් මහවැලියට වෙනවා මාට්ටු

Sunday, February 10, 2019
වරද මගේ
රූටලා කඳුලු කැට ඇස් අගින් ගැලවිලා
කම්මුලේ රතුපාට කඳුලු වල මුහු උණා
නිල්පාට අස් නුඹේ හොඳටෝම රතු වෙලා
තරහයිද මං එක්ක වරද මා අත නිසා
පිට කෙනෙක් නෙවෙයි මට ඔයා මගෙ පණ නිසා
ඕනෙ නුඹ ළඟ ඉන්න හැමදාම නුඹෙ වෙලා
බයක් දැනුනා හිතට නැති වේවි මට ඔයා
හිත රිදෙන වචන පිට උනේ මට ඒ නිසා
ඉතින් තව කඳුලු ඇයි ඇස් අගින් බේරෙනා
අඬන්නට හිතයි දැන් මටත් නම් ගුලි වෙලා
දුකක් දෙන්නෑ යලිත් ඔය කඳුලු පිහදලා
හිනාවෙනද යලිත් බලාගෙන මං දිහා
Tuesday, February 5, 2019
නිර්නාමික xxii
"රජෝ හරණං"
මට එක පාරම මතක් උණේ අපේ පන්තිය. කාංචනාගෙ හුණු කොට්ටෙ. ඒක දිහා බලාගන මම කිළිටි වෙන හිත ගැන මෙනෙහි කළා මතකයි. ඇත්තටම, මම මෙනෙහි කළේ කිළිටි වෙන හිත ගැන නෙවෙයි. කිළිටි වෙන හුණු කොට්ටෙ ගැන. මාත්, චුල්ලපන්තක හාමුදුරුවො වගෙම, අසරණ වෙලා නේද කියල වෙලාවකට හිතෙනවා. ඒත්...
"තිවංක"
ඇස් දෙක පියාන බෝ මලුවට වෙලා, හිත එක් තැන් කරගන්න විඥ්ඥානයත් එක්ක යුද්ධ කර කරා හිටිය මම, එක පාරම ඇස් ඇරියා. මේධාලංකාර හාමුදුරුවො මගෙ ළඟටම වැඩලා, එහා පැත්තෙන් බිම ඉඳගෙන, බෝධිය දිහා බලාන හිටියා.
"හාමුදුරුවනේ...!"
"තිවංකගෙ හිතෙන් දැන් පරන කතන්දර සේරම ටික ටික අමතක වෙලා යන්න දෙන්න"
"එහෙමයි අපෙ හාමුදුරුවනේ"
එදාට වඩා අද හිත සැහැල්ලුයි. මට ඒක දැනුනා. ඒත් තාම, ගැඹුරු ළිං පතුලක වැලි කැටයක් වගේ, කොණක හිර උණ මොකද්දෝ වේදනාවක් ඉඳලා හිටල හිත මතු පිටට ඇවිත් හදවත කොනිතිගහල යනවා දැනෙනවා. ඒ වේදනවාම කමහටහනක් කරගන්නෙ කොහොමද කියල මේධාලංකාර හාමුදුරුවො මට කියල දුන්නා.
"හිතට දුකක් දැනෙන හැම වෙලේම, වේදනාවෙන් පෙළෙන හිත දිහා තුන් වෙනි පාර්ශවයක් විදිහට බලන්න. එතකොට තේරෙයි, විඥ්ඥානය කොයි තරම් සටකපටද කියල"
ඒත් දුක හිතෙන හැම වෙලේම එහෙම කරන එක මුලින් අමාරු උණා. දැන් හිත සෑහෙන්න හීලෑ වෙලා තියන බව මට හොඳට දැනෙනවා.
මේධානි කියන්නෙ ලෝකයම කියල හිතාගන හිටිය මොහොතකුත් තිබුණා, මට. ඒත් අද, එහෙම නෑ. හිත වෙනස් වෙන අපූරුව. වෙනස් නොවන එකම දේ වෙනස් වීම. මම ඒක හැබැහින්ම අත් විඳින හැටි ගැන මටම පුදුම හිතෙනවා.
"තිවංක, ශාසනේට ඇතුල් වෙන්න කලබල වෙන්න ඕන වෙන්නෙ නෑ. හිත හදා ගන්න. හරි වෙලාවට හරි දේ තිවන්කටම දැනෙයි."
"මට තේරෙන්නෙ නෑ හාමුදුරුවනේ. තාම මහණ දම් පුරන්න තරම් හිතේ හයියක් නැද්ද කියල මට හිතෙනවා."
"ඒක තමයි මම කියන්නෙ... කබලවෙන්න ඕනෙ නෑ. ඉවසල ඉන්න. මම තිවංකට ඒ අදහස දැම්මෙ, තිවංක ධර්මය තේරුම් ගන්න තරම් බුද්ධියක් තියෙන වග මට පෙනිච්ච නිසා."
මම ඔහේ බලාන හිටියා. මගෙ හිත දිහා බලා ඉන්න "මම" හිතන විදිහ දිහා, ඒ "මම" ඇතුලෙ ඉන්න හිත බලන විදිහ ගැන හිතුවා. ඒක අමුතුම හැඟීමක්. අමුතුම නිවීමක්. හැම දුකකටම, සතුටකටම වඩා ඒ නිවීමට මම ආසා කරනව නේද කියල වෙලාවකට හිතෙනවා. ඒ ආසාව කියන්නෙ ආයෙත්, බැඳීමක්! හිත නම් මහා පුදුමයි.
*****
සංසාරය ගැන හිතලම, සාංසාරික බැඳීමක් විදිහට දැක්ක මේධානිගෙයි මගෙයි ආදර කතාව තවත් එක නැවතුමක් විතරයි කියල මට තේරුණා. ඒ අවබෝධය පිටිපස්සෙ මේධාලංකාර හාමුදුරුවො හිටියා කිව්වොත්, ගොඩක් හරි. අර හිත ඇතුලෙ කිස්කවපු අමුතු හැඟීම සදහටම තුරන් වෙලා ගිහින් කියල මට හොඳාකාරවම තේරිලයි තිබුණේ.
"හාමුදුරුවනේ..."
බෝධි මලුවෙ දෙනෙත් පියාන දැහැනකට සමවැදිල හිටිය මේධාලංකාර හාමුදුරුවො ගාව ඉඳගන මම කතා කළා.
"කියන්න තිවංක" උන්නාන්සෙ, දෙනෙත් පියාගනම උත්තර දුන්නා.
"මාව ශාසනේට ඇතුලු කරගන්න පුලුවන්ද හාමුදුරුවනේ?" මම ඇහුවා. ඒ වචන වල තිබුණ හයිය මමම දැක්කා. ඒ වචන වල තිබුන විශ්වාසය මටම දැනුනා. "ඔබ වහන්සෙ මේක මගෙන් අහල මෙච්චර කල් ගත්තෙ, මගෙ හිත මට විස්වාස නැති නිසයි"
"දැන් ඒ විශ්වාසය තියනවද?" උන්නාන්සෙ ආයෙත් මගෙන් ඇහුවා.
"ඉහටත් උඩින්" මම කිව්වා.
"හොඳමයි. අපි කටයුතු ලෑස්ති කරගමු" උන්නාන්සෙ තවමත් ධ්‍යානයට සම වැදිල හිටියෙ.
මමත් එහෙමම දෙනෙත් පියා ගත්තා. භාවනාව තරම් සුවයක් තවත් කොහින්ද! මම හීළෑ උණ හිත තව තවත් හීලෑ කරවන ගමන් හිතුවා.
මතු සබැඳි
ඊළඟ කොටස පහලින්
නිර්නාමික xxiii

Saturday, October 20, 2018
නිර්නාමික xxi
මම මේධානි හමුවට ගියෙමි. ඈ ආලින්දයේ සිය නිදිගත් දරුවා ළයෙහි රුවා ඔහේ අනන්තය දෙස බලා උන්නාය. මා ඇය ළඟටම යන තෙක්, ඈ මා නොදුටුවාය.
"මේධානි, බර කල්පනාවක වගේ..."
ඈ තිගැස්සී මදෙස බැලුවාය.
"අනේ... අකලංක, ළඟට එනකල් දැක්කෙ නෑ. එන්න... මෙහෙන් ඉඳගන්න."
"මට තේරුණා... වෙනම ලෝකෙක හිටියෙ කියල."
කාන්සිය මුසු වූ සිනාවකින් පමණක් මේධානි ප්‍රතිචාර දැක්වුවාය.
"අකලංකගෙන් මම අහන්නම හිටියෙ. තිවංකව හම්බුනාද?"
"ම්ම්... නෑ. ළඟකදි නෑ."
"එහෙමද..."
"ඇයි එහෙම ඇහුවෙ"
"නෑ... නිකන්... අකලංක මේ කතාව අවුස්සන්නෙ මොකටද කියල මම දන්නෙ නෑ. ඒත්..."
"ඒත්?"
"ඒත්... ඒ කාලෙ වෙච්ච දේවල් එකින් එක එකින් එක මතක් කරන නිසාමද කොහෙද, මගෙ ඔලුව අවුල් වෙලා..."
"මේධානිගෙ හිත නිදහස් කරගන්න මා එක්ක ඒ දේවල් කිව්ව නිසා මිසක්, මේධානියෙ හිත රිද්දන්න මම ඒව ඇහුව නෙවෙයි..."
"මම දන්නවා. ඒත්.. දැන් මටම මේ කතාව හරිම වදයක්"
"කොච්චර කිව්වත්, එහෙම අතීතය අමතක කරන්න බෑ නේද?"
"ඒක මතක් කරන එකෙන් වෙන්නෙ තවත් පෑරෙන එක"
"හොඳයි.. එහෙනම් අපි ඒ ගැන කතා නොකර ඉමු"
ඈ සිනසුනාය.
"මම දනවනෙ අකලංක ඔයා ගැන. කතා නොකර ඉමු කිව්වට හිතකින් නෙවෙයි නේද කිව්වෙ?"
මම සිනාසුනෙමි.
ඈ සිය දරුවා වඩාන ගෙතුලට පිවිසියා ය.
"එන්න එන්න ඇතුලට." ඈ යන ගමන් පැවසීය.
මම ගෙතුලට ගොස් හිඳගතිමි. ඈ සිය දරුවා කාමරයෙන් නිදි කරවා යළිත් ආවාය.
"හරි... තිවංක අමතක කරමු. අචින්ත ගැන කියන්නකො. කොහොමද අචින්ත?"
ඈ සුසුමක් හෙලුවාය.
*****
"අන්න මනමාලය ඇවිත්" ඒ කුමාරි නැන්දාය. මම කණ්නාඩිය ඉදිරිපිට හොල්මනක් මෙන් මදෙස බලා සිටියෙමි. සිතුවිලි හිතට ගලා එන්නෙ දි ඇල්ලක් මෙනි. පාසැල ඇරී සුදු ඇඳුම් උණා දමා, මා සිරුරෙ ඇති හැඩ, උපන් ලප, අව්වට නිරාවර්ණය වූ සමත්, ඇඳුමට වැසුනු සමත් අතර ඇති වෙනස බැලූ කණ්නාඩිය ඉදිරියෙහිම, මම, ඔසරියකින් සැරසී, හැඟීම් විරහිතව, ඔහේ මදෙස බලා සිටියෙමි.
මිනිත්තු කිහිපයකින් අම්මා කාමරයට ආවාය.
"දූ... පොඩ්ඩක් හිනා වෙලා ඉන්න. ඔහොම බය වෙලා වගේ නැතුව."
මම ඈ දෙස බැලුවෙමි. අසරණ හිනාවක් ඇයට පෑවෙමි. ඇය ද මා ද, එකිනෙකට වචනයෙක් කතා නොකළද, දහසක් සිතුවිලි එහෙට මෙහෙට හුවමාරු වූ බව නම් සැබෑමය. කුමාරි නැන්දා මගේ කොන්ඩයට කටු ගසමින් එහෙන් මෙහෙන් ඉස්සෙන කෙස් කැරලි හිසට තද කිරීමෙහි සාවදානව නියැලී උන්නාය.
අම්මා තවමත් මදෙස බලා සිටින්නීය.
මම ඇගෙන් නෙත් ඉවතට ගෙන, යළිත්, කණ්නාඩිය මත වූ මගේ රූපය දෙස බලන්නට වීමි.
අම්මා කාමරයෙන් පිටව ගියාය.
යළිත් අම්මා කාමරයට ආවෙ, සුදු රෙදිකඩකින් වැසූ බුලත් හෙප්පුවක්ද අතැතිවය.
"කෝ මෙහෙට ආවනං" අම්මා මට කතා කළාය.
මම ඔහේ හුනස්නෙන් නැගි සිටියෙමි. කාමරයේ දොරකඩට ගොස්, පෙනහලු පිරෙන තෙක් හුස්ම රැල්ලක් ගත්තෙමි.
"ආ... මේක ගන්න..."
මම දකුණතින් හෙප්පුව අතට ගනිත්ම, "අත් දෙකෙන්ම ළමයො..." අම්මා කිව්වාය. මම යළිත් ඈ දෙස බැලුවෙමි. මගේ දෙනෙත් ඇගේ දෙනෙත් එකිනෙක ගැටීම ඇයට දරගත නොහැකි නිසාදෝ, ඈ ඉක්මනින් බිම බලා ගත්තාය.
"යමු... ඒ මිනිස්සුත් එක්ක හිනා වෙලා කතා කරන්න. අකමැත්තක් තියනව නම් ඒ මිනිස්සු ගියාට පස්සෙ කියන්න"
මම අම්මාගේ වත්තමින් සාලයට ගියෙමි. බුලත් හෙප්පුව දෙස විනා අන් කිසිවක් හෝ කිසිවෙක් දෙස නොබැලුවෙමි. මනමාලයා විය යුතු තැනැත්තා අසලට අම්මා මා ගෙන ගියාය. ඔහු හුනස්නෙන් නැගිට හෙප්පුවෙන් බුලත් කොළයක් අතට ගත්තාය. මම පසෙකට උණෙමි.
"හරිම ලැජ්ජ කාරි..." ඒ අප්පච්චී ය.
"ඔව්... මලක් වගේ හැදුවෙ. අපිට ඉතින් මෙච්චරමනෙ..." ඒ අම්මාය.
"අපි මේ ළමයින්ට පොඩ්ඩක් කතා බහ කරන්න වෙලාවක් දෙමු නේද?" ඒ මනමාලයගේ පාර්ශවයේ අයෙකි.
සියල්ලෝ එහෙට මෙහෙට විසිර ගියෙන්, සාලයේ මමත් ඔහුත් පමණක් තනි වීමු.
මම තවමත් සාලයේ බිත්තියට හේත්තු වී බිම බලාන සිටියෙමි. ඔහු නැගිට මා අසලට එනු මට දැනුනි.
"මොකෝ... තව උස යන්නද හිටගන ඉන්නෙ"
මම මුණිවත රැක්කෙමි.
"මම අචින්ත, ඔයාගෙ නම?"
කළ යුත්තේ කුමක්දැයි නො වැටහේ. තිවංක මා දෙස බලා සිටින්නාක් මෙන් මට දැනෙන්නට විය. මම කිව යුත්තේ කුමක්ද, කල යුත්තේ කුමක්ද කියා නොදැන, ඔහේ, හිටගෙන සිටියෙමි.
"බය වෙන්න එපා ළමයො. මම ආවෙ ඔයාව අදම උස්සගන යන්න නෙවෙයි. කතා බහ කරල අකමැති නම් කියන්න. එන්න මෙහෙන් ඉඳගන්න"
මම හිඳගතිමි. ඔහුගේ වචන සැබැවින්ම මගේ හිත සුවපත් කරන්නාක් මෙන් දැනෙන්නට විය. මම තිවංකට චපල වීමට සැරසෙන සෙයක් මටම වැටහෙන්නට විය. එහෙත්... මට අවැසි කුමක්ද? තිවංක මට නොලැබෙන බව සක් සුදක් සේ පැහැදිලිය. ඉදින් මට අන් කිසිවෙකුගේ අවශ්‍යයතාවයක් ද නෙවේ. නමුත්, තැලී පෙලී ආතුර වූ හිත සුවපත් කරන කුමක් හෝ අමුතු ඖෂධයක් ඔහුගේ කටහඬ සතු විය.
"හ්ම්ම්... දැන්වත් කියන්නකො. නම මොකද්ද"
"මේධානි"
"ආ... මම මේධා කියන්නම්..."
"නෑ.. මේධානි කියලම කියන්න"
"හරි හරි... මේධානි. මේධානි බලාපොරොත්තු උනේ මොන වගේ කෙනෙක්ද?"
"මම මොන වගේ කෙනෙක්වත් බලාපොරොත්තු උණේ නෑ"
"ඒ කියන්නෙ... අම්මල මෙ බලෙන්ද දුවව බන්දන්න යන්නෙ" ඔහු සිනාසෙමින් ඇසීය.
මම කිසිත් නොකිව්වෙමි.
"හරි හරි... මම අම්මලට කියන්නෙ නෑ. කියන්නකො"
මම කිසිත් නොකිව්වෙමි.
"හරි. එතකොට... දැනට වෙන කවුරු හරි හිත ගිය කෙනෙක් ඉන්නව ද?"
"අනේ... ඕනෙ නැති දේවල් අහන්න එපා"
"ඉතින් අහන කිසිම දේකට උත්තර දෙන්නැති කොට, කොහොමද, මම දැන ගන්නෙ ඕනෙද නැතිද කියල"
"මම දන්නෙ නෑ"
"හරි හරි..."
අපි එතනින් එහා කිසිත් කතා නොකළෙමු. ඔහුගේ බලාපොරොත්තුවක් වී නම් එතෙකින් ඒ සුන් වී යැයි මම සිතුවෙමි.
දවස ගතවිය.
මම යළිත් කාමරයට වී සිටියෙමි. ඔවුන් පිටව යන මොහොතේ යළිත් පැමිණ කතා කොට යළිත් කාමරයට රිංගා ඇඳුම් උණා දමා සිටියෙමි.
මොහොතකින් අම්මා ආවාය.
"දූ මොකද කියන්නෙ?"
"මොනව කියන්නද..."
"ඒ ළමයට කැමතිද? හරිම හොඳයි. වැදගත් පාටයි."
"මම දන්නෙ නෑ අම්මෙ." මම ඇඳේ දිගා වී දෙනෙත් පියාගතිමි. අප්පච්චි සැනෙන් කාමරයට කඩා වැදුනේය.
"ඔව්.. උඹ දන්නෙ එක එක හිඟන හැත්තවල් එක්ක පෑහෙන්න විතරයි. උඹේ කැමැත්ත අකමැත්ත වැඩක් නෑ. ඒ ළමයගෙ වචන දුන්නා උඹට කැමතියි කියල. වෙන මගුල් ඔලුවෙන් අයින් කරල ලෑස්ති වෙයන්." අප්පච්චි කියාගෙන කියාගෙන ගියේය.
අම්මා සෙමින් මා අසලට ආවාය. මම කිසිත් නොකියා කිසිත් නොදැනෙන්නෙකු සේ ඔහේ ඇඳ මත දිගා වී උන්නෙමි.
"දූ ඒ අයට හරියට කතා කළේවත් නැති එකට අප්පච්චිට තරහ ගිහින්. ඒකයි ඔය. මම කියන්නෙත්, ඒ දරුව හොඳ පාටයි. වැදගත් රස්සාවක් කරන හොඳ මනුස්සයෙක්. අපි නරකක් කරන්න මෙහෙම කරන්නෙ නෑනේ දුවේ"
අම්ම මගේ ඔලුව අතගෑවාය.
තිවංක සහ අචින්ත මනස තුල දෙපැත්තකට වී මදෙස බලා හිඳිනු පමණක් මම සිහිනෙන් මෙන් දුටුවෙමි.

Saturday, July 21, 2018
නිර්නාමික xx
මහා සුනාමියකින් පස්සෙ වගේ තවත් නැති වෙන්න මුකුත්ම නැති වෙච්ච වෙලාවක හිතට දැනෙන මූසල පාලුවට මම ආදරේ කරන්න පටන් අරන්. ඒ පාලුව පන්සලේ වැට මායිම් හතරෙන් එළියට ගියාම, දැනෙනව වැඩි. මේධානිට මොනව උනාද කියන කුකුස හිතේ තිබ්බෙ පන්සලට ඇවිත් දවස් ගානක් යනකල් විතරයි. හිත කියන්නෙ මහ පුදුම දෙයක්. දුක කියන්නෙත් මහ පුදුම දෙයක්. වචන වලින් විස්තර කරන්න තේරෙන්නෙ නැති තරම්.
"තිවංක, තාමත් පරණ දේවල් මතක් කර කර දුක් වෙනවද?" බෝධි මලුවෙ බිම ඔහේ ඉඳගන කල්පනාවෙ හිටිය මගෙන්, ළඟටම ආව මේධාලංකාර හාමුදුරුවො ඇහුවා. උන්නාන්සෙ දිහා බලල හිනා වෙච්ච මම පුරුදු උත්තරයක් දුන්නා.
"හැමදාම වගේ... අනිත්‍යය සිහි කරනවා"
"අනිත්‍ය සිහි කරන එක නම් හොඳයි. ඒත් අනිත්‍ය සිහි කර කර දුක් වෙන එක නම් හොඳ නෑ." උන්නාන්සෙ එහෙම කියන ගමන් මලුවෙ තිබුනු පොඩි බංකුවෙ වාඩි උණා.
මම ඒකට මුකුත් කිව්වෙ නෑ.
බෝධි මලුව හරහා සර සර සද්දෙට සනීප සුළඟක් හැමුවා. මම ඇස් වහගත්තෙ ඒ සනීපෙ හිතින්ම විඳ ගන්න ඕනෙ නිසා.
"තිවංක, පොඩි සැපයටත් හිත ඇලෙනව නේද? දුකත් ඒ වගේම තමයි. අල්ලන් ඉන්නකල් දුකයි. හුළඟ වගේ. ඇඟේ වදිනකල් සැපයි. නැති කොට ආයෙ දුකයි. ඇඟේ වැදුන හුළඟ අල්ලගෙන සතුටු උනොත් තමයි, ඇඟේ හුළඟ නොවදින එක ගැන දුක හිතෙන්නෙ. ඒක එතනින්ම අත අරින්න. ආයෙ දුකක් ඉතුරු වෙන්නෙ නෑ. අනාත්මය තේරුම් ගන්න"
හාමුදුරුවොන්ගෙ වචන ටික මම ඇස් වහගනම අහගන හිටියා. මට ඒත් ඒක තේරුනේ නෑ. මට ඒක තේරුම් ගන්න ඕනෙ කමක් තිබ්බෙ නෑ. ඒත් අනාත්මය කියන වචනෙ ආයෙ මාව කුණාටුවකින් උස්සගෙන අතීතෙට ඇදන් යනව වගේ ඇදගන ගිහින් ඉස්කෝලෙ පන්ති කාමරේ ඇතුලට අත ඇරිය.
"මොකද්ද අනාත්මීය ආදරයක් කියන්නෙ. අනාත්මීය ආදරයක් පවතින්න පුලුවන්ද?" මම එහෙම ඇහුවෙ මේධගෙන්. මේධ හිතන්න ඇත්තෙ මට පිස්සු කියල. ඇත්ත. මට පිස්සු තමයි.
අනාත්මීය ආදරය කියන්නෙ බොරුව. අනාත්මය ඇතුලෙ ආදරයක් තියෙන්න බෑ. ආදරයයි අනාත්මයයි කියන්නෙ එකම කාසියෙ දෙපැත්ත වගේ.
එකක් තෝර ගන්න වෙනව තිවංක. මගෙ හිත මට කිව්වා.
ආදරයද? අනාත්මය ද?
මම ඇස් ඇරියා. තාමත් මේධාලංකාර හාමුදුරුවො මගෙ පැත්තක ඉඳගන. උන්නාන්සෙත් ඇස් පියාන හිටියෙ.
මම ආයෙ ඇස් වහ ගත්ත. හිත සුවපත් වෙලා තිබුනෙ, මුලින් තිබුනට වඩා. ඒත් ඒ සුවපත්භාවය ඇතුලෙ තවම අලු යට හැංගිච්ච ගිනි පුපුරු වගේ මොන මොනවදෝ වේදනාවල් ටිකක් තිබුණා.
*****
විහාරෙ පොත් ගුල මාව වෙනම ලෝකෙකට ගෙනිච්චා. මුතු බෙල්ලෙක් ගල් කැටයක් කොච්චර වේදනවකින් තමන් ඇතුලෙ තියාගනද, ලස්සන මුතු ඇටයක් ලෝකෙට දීල මැරිල යන්නෙ. මාත් ඒ වගේ. තිබ්බ හැම වේදනාවක්ම හිත මෙල්ල කරගන්න ලැබිච්ච දේව වරයක් විදිහට දකින්න පුරුදු උණා. පන්සලට ගමේ මිනිස්සු ඇරුනම වැඩි සෙනගක් එන්නෙ නැති නිසා, ඒ මෙල්ල කරගත්ත හිත එහෙම්ම තියා ගන්න ඒක පිටිවහලක් උණා. හොඳින් සෙවිලි කරපු වහලය තෙමෙන්නෙ නැතිවාක් වගේ, හිතත් හොඳින් හෙවිල්ලන්න මට පුලුවන් උණා.
බෝධි මලුවෙ පුරුදු තැන පුරුදු විදිහට ඉඳන් ඉද්දි, වෙනද වගේ සද්ද නැතිවම, මේධාලංකාර හාමුදුරුවො මගේ ළඟට වැඩියා. උන්නාන්සෙ පුරුදු තැන ඉඳගන්න බරවෙනවත් එක්කම, මගේ නම කිව්වෙ වෙනදට වඩා වෙනස් විදිහට.
"තිවංක... තිවංක උපාසක මහත්තයා..."
ඒ කිව්ව එකට මම හිනා උනා මිසක් මුකුත් කිව්වෙ නෑ.
"තිවංක, මොකද හිතන්නෙ... ශාසනේට මහණ කර ගන්නවට කැමති නැද්ද?"
මම උන්නාන්සෙ දිහා බැලුවා. උන්නාන්සෙ ශාන්තව දෙනෙත් පියාන හිටියා.

Subscribe to:
Posts (Atom)