Thursday, November 17, 2022

අවසරද?

 දිනෙක නොකැලැල් පෙමට මාගෙ නුඹ අතොර දුක් කඳුලු දේවී

දැන දැනම මම ඒ උණත් පෙම් කලේ නුඹගේ නමට පේවී

ශේෂ වූ දුක් කඳුලු ගංගා හිතේ පතුලේ ගලා යාවී

එවන් මොහොතක වුවත් ඔබගේ පාමුලට යළි මෙමා ඒවී


කඳුලු දිය පිරි මතක ඇල්ලෙන් තවම ඉඳහිට විටෙක නාමී

දැවෙන කිස්කන තුවාලෙකි ඒ මතක දැන් නම් නැතිය ප්‍රේමී

දමා ගිය පසු යළි මගේ හිත පිරෙන ඒ පෙම් කඳ නො පාමී

රැඳෙන්නට නොව, බැරිව ගිය නටඹුන් අරන් යන්න මා ආමී



2 comments:

  1. ප්‍රේමය යනු ඇත්තටම ඔබ සතුව නොමැති දෙයක් එය කිසිසේත්ම අවශ්‍ය නොවන කෙනෙකුට දීමයි - ලැකාන්

    Love is giving something you don't have to someone who doesn't want it.

    ReplyDelete